IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බහලු මෙහෙයුම්වලට වරායට ප්‍රයිම් මුවර් 20ක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ප්‍රයිම් මුවර් රථ 20ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත තුළ බහළු මෙහෙයුම් සිදු කිරීමට හා වරාය පරිශ්‍රය තුළ අන්තර් පර්යන්ත ප්‍රවාහන කටයුතු සඳහා ඩීසල් බලයෙන් ක්‍රියා කරන ප්‍රයිම් මුවර් රථ හා පර්යන්ත ට්‍රැක්ටර් 119ක් භාවිත කරනු ලබයි. 

ඒ අතුරින් රථ 60 ක් වසර 20 කට වඩා පැරණි වන අතර, නිතර අලුත්වැඩියා කළ යුතුව ඇත. එම තත්ත්වය සලකා බලා පර්යන්ත ට්‍රැක්ටර් රථ 20 ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය 2023 වසරේදී තීරණය කරනු ලැබ ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා දී තිබේ. 

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ යාවත්කාලීන අවශ්‍යතාවට අනුව, පෙර යෝජනා කරන ලද ඩීසල් භාවිතයෙන් ක්‍රියා කරන පර්යන්ත ට්‍රැක්ටර් වෙනුවට විදුලි බලයෙන් ක්‍රියා කරන ප්‍රයම් මුවර් රථ 20 ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රුපියල් මිලියන 1,000 ක් එම අධිකාරියේ 2025/2026 ප්‍රාග්ධන අයවැය යටතේ වෙන් කර තිබේ. 

ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය යටතේ එකී ප්‍රයිම් මුවර් රථ 20 මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

බහලු මෙහෙයුම්වලට වරායට ප්‍රයිම් මුවර් 20ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site