
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පුද්ගලික සරසවියක ජාල ඉංජිනේරු පාඨමාලාවක් හදාරන 19 හැවිරිදි සිසුවෙකු හා 44 හැවිරිදි භෞත චිකිත්සකවරයෙකු අතර නවාතැන්පොළකදී ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව ඇලුමිනියම් ජෝගුවකින් හිසට පහර දීමෙන් භෞතචිකිත්සකවරයා මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක් වන සන්තාර් නමැති පුද්ගලයෙකි . ඔහු පදිංචි ප්‍රදේශයක් නිශ්චිතව අනාවරණය නොවන බව පොලිසිය කියයි.
පහරදීම සම්බන්ධයෙන් වැලිමඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර සිසුවා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර සිසුවා විදුලි බල්බය දල්වාගෙන පාඩම් කටයුතුවල නිරතව සිට ඇති අතර බල්බය නිවා දමන ලෙස මියගිය පුද්ගලයා සිසුවාට පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් පව්ද, පාඩම් කරන ළමයා ඉන්නේ ලොකු stress එකකනේ. දරුවෝ ඉන්න තැන් ගැනත් දෙමව්පියනි සොයා බලන්න. කොහොමත් වයසින් වැඩි මිනිස්සු සමග තියන්න එපා...
ඔය මහලොකුවට පුද්ගලික සරසවි කියලා තිබුණාට දුර පළාත්වල ළමයින්ට නවතින්න නවාතැන් ගැන කිසිම සැලසුමක් නැහැ. ඒ ළමයින්ට වෙන්නේ විශාල මුදලක් පුද්ගලික සරසවියට ගෙවලා තවත් සල්ලි ගෙවලා බෝඩින් හොයා ගන්න. අනික රජයේ සරසවි වගේ නෙමෙයි මේවායේ විභාගයක් ෆේල් වුනොත් ආයෙත් විශාල මුදලක් විභාග ගාස්තු විදියට ගෙවන්නත් වෙනවා. ඒ නිසා ඔය පුද්ගලික සරසවිවල ඉගෙනගන්න සිසුන් හොඳට ජොලියේ ඉන්නවා වගේ වෙළඳ දැන්වීම්වල පෙන්නුවාට සමහරු ඉන්නේ විශාල පීඩනයක...!
සැරසිලා වගේ ඔහේ අනුකම්පා කරන අය මේ රටේ වැඩියි. මෙහෙම ගියොත් මේ රටේ ඉන්න නාකි මයිනෝ ඔක්කොම මරන්නයි වෙන්නේ. 16 පැනපු ඕනම පුද්ගලයෙක් මේවාගැන දැනගන්න ඕනෑ තමන් කරන කියන දේට... කොහොමත් මේ අයට මේක ගොඩගන්නවා බොරු...