
(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල විශාඛා බාලිකා මහ විද්‍යාලයේ පැවැත්වෙන ඉංග්‍රීසි මාධ්‍ය තරඟයකට සහභාගිවීම සඳහා එමින් සිටි බණ්ඩාරවෙල විදුහලක දූ දරුවන් පිරිසක් රැගත් බස් රථයක් බණ්ඩාරවෙල නගරය ආසන්න අතුරු මාර්ගයකදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පාසල් දරුවන් පස්දෙනකු තුවාල ලබා බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය පැවසීය.
බණ්ඩාරවෙල ත්‍රී මයිල් රෝඩ් මාර්ගයේ බෑවුම් සහිත මාර්ග කොටසක ධාවනය වෙමින් තිබියදී බස් රථය කාර්මික දෝෂයකට ලක්ව ආපස්සට විත් පාරෙන් ඉවතට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ ගැහැණු ළමුන් පස්දෙනකු බවද ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවද රෝහල් ආරංචි මාර්ගය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd