
(ඩී.ජී. සුගතපාල)
බුස්ස බන්ධනාගාරයේ අද අලුයම දක්වා කරන ලද සෝදිසි මෙහෙයුමකදි විශේෂ අංශයේ සිර මැදිරි 05ක තිබි ජංගම දුර කතන පහක්, චාජර්,ඩේටා කේබල් සිම් කාඩ්පතක් ඇතුලු උපාංග රැසක් සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි.
බන්ධනාගාර උපක්‍රමික බළකාය,බන්ධනාගාර මෙහෙයුම් හා බුද්ධි අංශයේ නිලධාරින් හැත්තෑවක පමණ පිරිසක් සිර මැදිරි 46ක් පූර්ණ පරික්ෂාවකට ලක්කර මෙම දුර කතන සොයාගෙන ඇත.
මෙම දුර කතන සොයාගෙන ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දරණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරිවලින් බවද අනාවරණයවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවංකව රාජකාරි කරන අය නම් මෙහෙම වෙන්නේ කොහොමද ? ඔවුන්ගෙන් බහුතරයක්ම අන්ත දුෂිතයි . අධිකරණ ඇමැතිට කොන්දක් ඇත්නම් මේවා නවත්වන්න පුළුවනි . අපේ බන්ධනාගාර කියන්නේ අපරාධ විශ්ව විද්‍යාල බව ප්‍රකට කරුණක් නේ.
රටේ මාධ්‍ය හැම ප්‍රශ්නයකටම වග කිව යුතුයි ,මක් නිසාද යත් ඔවුන් පාතාලයේ ,දේශපාලුවන්ගේ අතකොළු විනා සමාජය ගවේෂණය කර සත්‍ය ජනතාවට ඉදිරිපත් නොකරන ආයතන බව නිසාවෙනි.අතිශය බහුතරයක් මාධ්‍යවේදීන් (මාධ්‍යකරුවන් )කාරියන් නළු නිලියන් මෙනි
බන්ධනාගාර අධිකාරි මෙවැනි දේවල් වලට සම්පුර්ණ වගකිමනේ බාරගත යුතුයි...
මොවුන්ට මේ දුරකථන ලැබෙන්නේ ඔයකියන බන්ධනාගාර නිලධාරීන්ගෙන්ම නේද? ඒ වරද කරන නිලධාරීයක් වහාම රැකියාවෙන් නෙරපන නීති ගෙනාවොත් හිරකරුවන්ට දුරකථන ලැබීම බොහෝදුරට ලැබීම නවත්තන්න පුළුවන් වේවි.