IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බුස්ස බන්ධනාගාරයෙන් දුරකතන රැසක් හසුවෙයි

(ඩී.ජී.සුගතපාල)

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිර මැදිරිවල , ඉන්පිටත සහ බන්ධනාගාර රෝහලේ  කළ හදසි සෝදිසියකදී  හෙරොයින් , ජංගම දුරකතන සහ ඒවායේ උපාංග රැසක් සොයා ගත් බව  ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

 විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් ඊයේ රාත්‍රියේදී මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.

දුරකතන අතර ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන අටක් චාජර් හයක්, සිම් කාඩ්පත් පහක්,ඩේටා කේබල් නවයක්,ඇතුලු උපාංග රැසක් අත් අඩංගුවට ගෙන ඇත. මෙවා ඉදිරිකටයුතු සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට බාරදි ඇතැයි කියයි.



අදහස් (6)

බුස්ස බන්ධනාගාරයෙන් දුරකතන රැසක් හසුවෙයි

Suneth Thursday, 03 April 2025 09:18 AM

අයියෝ පොලිසිය! ඒව බන්ධනාගාර මෑන්ටම දුන්නම හෙට ඉඳල ආයෙත් අවශ්‍ය තැනට යයි. ඒ සිම් කාඩ් නම්බර්ස්වලින් කාටද කතාකෙරුවෙ කියල හොයාගන්න. හැබැයි බන්ධනාගාර අයගෙන් ප්‍රශ්න කරන්න එපා. ඒ අය මොනවත්ම දන්නෑ. ආයෙත් කිව්ව ඔන්න මොනවත්ම දන්නෙම නෑ.

:       0       25

dasun Thursday, 03 April 2025 09:30 AM

එක්කෝ බන්ධනාගාර කොමසාරිස් බූස්සේ පදිංචි විය යුතුයි, නැත්නම් STF එකට බූස්සේ බන්ධනාගාරයේ පාලනය භාර දිය යුතුයි.

:       1       12

රනේ Thursday, 03 April 2025 11:56 AM

හෝදල හෝදල ආයිත් මඩටම දාන්න එපා

:       0       10

නිමල් පෙරේරා Thursday, 03 April 2025 12:34 PM

ඇයි මේ ආණ්ඩුවටවත් බැරි ද සිග්නල් ජෑමර්ස් සවි කරන්න බන්ධනාගාර වල. එහෙම කළානම් ඔය ප්‍රශ්නය නිකංම විසඳෙනවා

:       1       7

බකල ජයාThursday, 03 April 2025 01:08 PM

ජෑමර්ස් හයි කරපුවම අවට පදිංචි අය කඩු පයිට් ගහගන්න එනවලු. ජෑමර්ස් තිබුණත් බූස්සෙ අමුත්තන්ට දැනුම් දීල කරන්ට් එක විසන්දි වෙනකොට ජෑමර්ස් ඕෆ් වෙනවා. කරන්ට් එන්න කලින් අවශ්‍ය කෝල්ස් ඔක්කොම ගන්නවලු. ඔන්න ඕකලු විස්තරේ.

:       1       7

ravin Thursday, 03 April 2025 12:44 PM

දූෂිත නිලධාරීන්ගේ සහායෙන් නැවත නැවත සියලු අවශ්‍යතාවයන් සපුරාගැනීමි. ලොක්කාගේ ඉඳලා පොඩ්ඩා දක්වා ඇතුල්වීම හා පිටවුම දැඩි පරීක්ෂාවට ලක් කළොත් හා සටහන් පවත්වා ගෙන ගියොත්, තරමක් හෝ දුරට පාලනය කරගත හැකිවේවි

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2406 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site