(ඉන්දිකා  රාමනායක)

මත්පැන් බෝතල් දෙකක් බුස්ස අධි ආරක්ෂිත  බන්ධනාගාර තුළට රැගෙන ඒමට උත්සහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි  රාජකාරියේ නිරත විශේෂ කාර්ය බළකායේ 100 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

මෙම ස්ථාන මාරුවීම්වලට අමතරව සිද්ධියට සම්බන්ධ පිරිස් වෙත වින්‍යානුකූල ක්‍රියා මාර්ග ගන්නා බවද විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති  නීතිඥ වරුණ ජයසුන්දර මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණ පැවැත්වීම සදහා විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විශේෂ විමර්ශනයක්  ආරම්භ  කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.

බන්ධානාගාරයේ   ආරක්ෂාවට   ස්ථාපිත කර ඇති විශේෂ කාර්ය බලකා කඳවුරට අයත් භටයන් දෙදෙනකු ඉකුත් (11) වැනි දින රාත්‍රියේ අධි ආරක්ෂිත කලාපය වෙත  ගමන් බෑගයක දමා මත්පැන් බෝතල් දෙකක්  රහසිගතව රැගෙන යාමට උත්සහ කිරීමේ දී  , එහි ප්‍රධාන පිවිසුමේ රාජකාරියේ නිරත හදිසි  ප්‍රතිචාර   උපක්‍රමික  බලකායේ   භට පිරිසක් එය පරීක්ෂාවට ලක් කිරීමේමෙන් පසු එය  රැගෙන යාමට අවසර නොදීමේ සිද්ධියක  මුල්කරගෙන ඇති වු බහින් බස්වීමක් ගැටුමක් දක්වා වර්ධන  වී  ඇති බව   දෙපාර්ශවය අතර ගැටිබැට හුවමාරුවක් ද සිදුව ඇති බවද බන්ධනාගාර  ආරංචි මාර්ග පවසයි.

සිද්ධියෙන් කිහිප දෙනකු තවාල ලබා ඇති බවද  එම ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධිය   බන්ධනාගාර නිලධාරීන් සහ  විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව සමතයකට පත්කර ඇත.

සිද්ධිය සැලවීමත් සමග  විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරී නියෝජ්‍ය පොලිස්පති  වරුණ ජයසුන්දර මහතා වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට උපදෙස් ලබා දී ඇති අතර, ඒ සදහා පරීක්ෂණ පැවැත්වීමට හම්පන්තොය  ප්‍රාදේශිය  අණදෙන නිලධාරි  සහකාර පොලිස් අධිකාරි සම්පත් කුමාර මහතා පත්කර ඇත.