
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම බස් නැවතුම්පලේදී අද (31 )දහවල් බස් රථයකට යටවූ කාන්තාවක් මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අලව්ව ඉහල බුත්ගමුවේ පදිංචිකාරියක වූ ඩබ්ලියු.ඒ. සුමනාවති නැමැති 65 හැවිරිදි මවක බවට පොලිසිය අදුනාගෙන ඇත.
මියගිය කාන්තාව උදෑසන ඇගේ දියණියක සමග රේන්දපොල බෝධියට පැමිණ වන්දනාමාන කර ආපසු යාමට අලව්ව බසයට ගොඩවී සිට ඇතැයිද ඒ අතර දියණිය යලි බසයෙන් බැස බැංකුවේ මුදල් හුවමාරු යන්ත්‍රය ඇති ස්තානයට ගොස් ඇතැයි හෙලිවී ඇත.
මේ අතර බසය පිටත්වීමට සූදානම්ව ඇති බවත් ඒ අවස්තාවේ මව බසයෙන් බැස දියණියට කතා කර ඇය සමග යළි බසයට ගොඩවීමට පැමිණ දියණිය බසයට ගොඩවී ඇති අතර ඒ අවස්තාවේදීම මීගමුව සිට පැමිනි වෙනත් බස් රථයක මෙම කාන්තාව ගැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව අනාවරණය වී ඇත.
COMMENTS
රියදුරන් වැඩි දෙනෙකුට මනුෂ්‍ය ජීවිත ගැන තැකීමක් නැහැ. හෝන් එක උඩ නැගගෙන බස් පදවන රියදුරන් මම අනන්තවත් දැකලා තියෙනවා, කන ගාවින් වෙට්ටු දාගෙන යන රියදුරන් නිසා අනූනවයෙන් බේරිලා තියෙනවා. මේ අමන හැත්ත රිය අනතුරක් කළත් සානුකම්පිත දීමනාවක් කියලා සුළු මුදලක් ගෙවලා ආපසු රිය පැදවීම කරනවා. බීමත්ව රිය පැදෙව්වත් දේශපාලන හයිය තියෙනවා නම් ගැළවෙන්න පුළුවන්. අපේ රටට ගිය කලක්...