
රුවන්වැල්ල, හුඹස්වලාන ප්‍රදේශයේදී , බස් රියක පාපුවරුවෙන් ඇඳ වැටුණු පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේදී බසය රුවන්වැල්ල සිට දන්නෝරුව දෙසට ධාවනය වී තිබේ.
ඊයේ (10) සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ හුඹස්වලාන ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කරයි.
බසයේ ගමන් කරද්දී මරණකරුට ඇතිවූ හදිසියේ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාපුවරුවෙහි වාඩි වී ඇති බවත්, ඒ සමඟම පාපුවරුවෙන් ඔහු ඇද වැටී ඇති බවත් විමර්ශණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් එක ඇතුළේ ඇඳක් තිබුණද?