IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


බසයක් මතට ගසක් කඩා වැටේ:පහක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ලිබර්ටි වටරවුම අසලදී බසයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් බසයේ ගමන් ගත් පස් දෙනකු මියගිය බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් කීය.

මියගිය සියලු දෙනා පිරිමි පුද්ගලයන් බව පොලිසිය කියයි. 

මතුගම ඩීපෝවට අයත් මෙම බසය දෙනියායේ සිට කොළඹට පැමිණ යළි දෙනියාය බලා ධාවනය වෙද්දි මෙම අනතුර සිදුව තිබේ. අනතුරත් සමග පොලිසිය,යුද හමුදාව සහ ගලවා ගැනීමේ මෙහෙයුම් නිලධාරීන් එක්ව බසයේ සිරවී සිටි පිරිස මුදා ගෙන රෝහලට රැගෙන ගොස් ඇත. 

බසයට සහ ගසට සිරවිමෙන් තුවාල ලබා සිටි සිටි පිරිසෙන් පස් දෙනකු මෙසේ මියගොස් ඇත.


කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දි ලංගම බස් රථයක් මතට විශාල ගසක් කඩාවැටීමෙන් 17 දෙනකු රෝහල් ගත කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

තවත් දෙදෙනකු බස් රථය තුළ සිර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

කොළඹ සිට වැල්ලවත්ත දෙසට බස් රථය ගමන් කරමින් සිටියදී මෙම ගස බස් රථය මැදට ගස කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.


ඡායාරූප (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )



අදහස් (12)

බසයක් මතට ගසක් කඩා වැටේ:පහක් මරුට

චින්තක Friday, 06 October 2023 08:09 AM

ඔය ආසන්න ප්‍රදේශයේ විශාල වශයෙන් ගස් තියෙනවා ඉතාමත් හොදයි වනාන්තරයේ ඇවිදිනවා වගේ යන්න පුළුවන් ඒත් ඉතින් එම ගස් කල් ඉකුත්ව තිබෙන බව පේන නිසා ඉදිරි නොවැටෙන්න ක්‍රමයක් සැකසීම කලොත් මෙහෙම අනතුරු නොවෙන්න පුළුවන්

:       1       25

ABFriday, 06 October 2023 08:05 PM

කඩාවැටුණු ගස් සහ දිරාපත්වූ ගස් ඉවත් කලපසු නා පැල/ ගස් ( National Tree ) සිටුවන්න...

:       2       6

සෙනෙවිරත්න Friday, 06 October 2023 09:07 AM

තනිකරම මාර්ග සංවර්ධන අධිකාරිය වගකිව යුතුයි. ගස් දරාපත්ව තිබේ නම් එය ඉවත්කළ යුත්තේ නගර සභාවද? කොහේද මේවාට පොරවක් කියතක් ගන්නවත් සල්ලි නැහැ. ඉන්න දේශපාලන හෙංචයින්ට, අධ්‍යක්ෂකලාට පඩි ගෙව්වාම... අනේ ගමකින් ආපු අහිංසක මිනිස් ජීවිත පහක්...!

:       6       28

suranga Friday, 06 October 2023 09:27 AM

කොළඹ නගරසභාවක් තියෙනවා. අනතුරුදායක ගහක් ගලවලා දාන්න ඕනේ කමක් නෑ. පුදුම පාලකයෝ...!

:       3       24

අමා Friday, 06 October 2023 11:15 AM

ඉතාම කණගාටුදායක පුවතක්, ඕක වෙන්න කලින් ඔය ගස කැපුවා නම්, පරිසරවේදියෝ කියාගන්න අයගේ හෑලි ටික බලාගන්න තිබුණා.

:       11       41

seneFriday, 06 October 2023 04:10 PM

අමා, හරි වැරදි වෙන්කොට හඳුනා නැති ඔබ වැනි ඈයෝ සිටින රටට ගිහින් තියෙන කල පේනවානේ...?

:       5       4

Aravinda Monarawila Friday, 06 October 2023 01:19 PM

කොළඹට මහා නගර සභාවක් තිබුනට වැඩක් නැහැ නගරාධිපතිගේ ටොයිලට් එක හදන්න කොටි ගානක් වියදම් කෙරුවට පුරවැසියන්ගේ ආරක්ෂාව සුභාෂිංශන තුට්ටුවකටවත් ගණන්ගන්නේ නැහැ

:       2       25

පිටරැටියා Friday, 06 October 2023 03:02 PM

හරිම කණගාටුදායක පුවතක්... අනවශ්‍ය දේවලට කෝටිගණන් වියදම් කරන මහනගර සභාව මේවාට වගකිව යුතුයි.

:       1       15

Nimal Friday, 06 October 2023 06:55 PM

ලංකාවේ වැඩ වෙන්නේ ඔක්කොම මේ විදිහට තමයි. අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්නේ. දැන් ඵල ඇති ගස් ටික කපයි.

:       1       4

ලසන්ත Saturday, 07 October 2023 06:14 AM

ඉදිරී වැටුණු මේ ගසේ කඳ දිරාපත්ව වටේට තිබුණු මුල්වලින් තමයි තිබිලා තියෙන්නේ.. ඉතින් ගැඹුරට ගිය මුල් පද්ධතියක් නැහැ. එවැනි ගස් ඉවත්කරන්න ඕනෑ. ඒ සමග යටිතල වගාවකුත් ආරම්භ කිරීම කරන්න ඕනෑ..

:       0       1

චන්දිම ෆොන්සේකා Friday, 06 October 2023 11:28 PM

ගස් තියෙන්න ඕනෑ. නැතිනම් කොළඹ කොන්ක්‍රීට් සහරා කාන්තාරේ වගේ රස්නෙයි. හැබැයි ඒ ගස් ගැන හොයලා බලලා නඩත්තු කිරීමක් කරන්න ඕනෑ. මොකද කොයි දේ කරන්න වුණත් යම් කිසි විදියක් තියෙනවා. දැන් ඊළඟට වෙන්නේ මේ පිට දාලා හොඳ ගසුයි, නරක ගසුයි ඔක්කෝම කපාගෙන යාවි හරියට අර මාතර නගරයට සෙවන දුන් මහා ගස් ටික කපාගෙන ගියා වගේ.

:       0       1

පාලිත මුණසිංහ Saturday, 07 October 2023 07:43 AM

නිවැරදිව මිනුම් හා අනුමත සැලසුම් හා සීමාමායිම් සහිත මහාමාර්ගයක එම සීමාවන් තුළ දෙපස පිහිටි ලොකුකුඩා සෑම ගසක් පිළිබඳවම අයිතිය ඇත්තේ එම ගස අදාල ප්‍රාදේශීය සභාවට, නගර සභාවට, මහනගර සභාවකට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට යන්නයි මගේ අදහස. ඒ අනුව එම ගස් කප්පාදු කිරීම, සමබර කිරීම, පුනරුත්ථාපනය කිරීම හෝ ඉවත් කිරීම හා නැවත රෝපණය කිරීම පිළිබඳ වූ පූර්ණ වගකීම ඇත්තේ එකී ආයතන වලටයි. පුරවැසියන් වශයෙන් සෑම කෙනෙකුම අනතුරකට පෙර අවධානයෙන් පසුවීමේ වැදගත්කම වටහාගත යුතු කාලයකි මේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැයි රැලිවල වියදම කෝටි 200යි
2024 මැයි මස 02 663 0

දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය විය.


කුලියාපිටිය අතුරුදන් තරුණයා ගැන අධිකරණය දුන් තීන්දුව
2024 මැයි මස 02 1957 0

අවුරුදු තිහක විවාහකයකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තකු ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ සහෝදරයකු හොර


යුක්රේනයට AI ප්‍රකාශිකාවක්
2024 මැයි මස 02 725 0

යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්


බසයේ බැරි වූ රන් පාර්සලය අහුලා දෙයි
2024 මැයි මස 02 721 0

ස්ප්‍රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පාපුවරුව අසල වැටී තිබූ අයිතිකරුවකු නොමැති රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණ


මහසයුරේ රත්තරන් සමග අයෙක් මාට්ටු
2024 මැයි මස 02 1007 0

රුපියල් කෝටි 100 කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගම කළමනාක


හෝමාගම හෝටලයක් යුද පිටියක් කළ සරසවි සිසුන්ට ඇප
2024 මැයි මස 02 832 0

හෝමාගම හොටලයක පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමක් අතර තුර හෝටලයට පහරදී අලාභහානි කරමින් එහි සේවකයන්ට පහරදුන් පෞද්ගලික සරසවියක සිසුන් 11 නා සහ එක් සිසුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 457 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1880 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1674 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site