
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලිබර්ටි වටරවුම අසලදී බසයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් බසයේ ගමන් ගත් පස් දෙනකු මියගිය බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් කීය.
මියගිය සියලු දෙනා පිරිමි පුද්ගලයන් බව පොලිසිය කියයි.
මතුගම ඩීපෝවට අයත් මෙම බසය දෙනියායේ සිට කොළඹට පැමිණ යළි දෙනියාය බලා ධාවනය වෙද්දි මෙම අනතුර සිදුව තිබේ. අනතුරත් සමග පොලිසිය,යුද හමුදාව සහ ගලවා ගැනීමේ මෙහෙයුම් නිලධාරීන් එක්ව බසයේ සිරවී සිටි පිරිස මුදා ගෙන රෝහලට රැගෙන ගොස් ඇත.
බසයට සහ ගසට සිරවිමෙන් තුවාල ලබා සිටි සිටි පිරිසෙන් පස් දෙනකු මෙසේ මියගොස් ඇත.
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දි ලංගම බස් රථයක් මතට විශාල ගසක් කඩාවැටීමෙන් 17 දෙනකු රෝහල් ගත කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.
තවත් දෙදෙනකු බස් රථය තුළ සිර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
කොළඹ සිට වැල්ලවත්ත දෙසට බස් රථය ගමන් කරමින් සිටියදී මෙම ගස බස් රථය මැදට ගස කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.

ඡායාරූප (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආසන්න ප්‍රදේශයේ විශාල වශයෙන් ගස් තියෙනවා ඉතාමත් හොදයි වනාන්තරයේ ඇවිදිනවා වගේ යන්න පුළුවන් ඒත් ඉතින් එම ගස් කල් ඉකුත්ව තිබෙන බව පේන නිසා ඉදිරි නොවැටෙන්න ක්‍රමයක් සැකසීම කලොත් මෙහෙම අනතුරු නොවෙන්න පුළුවන්
තනිකරම මාර්ග සංවර්ධන අධිකාරිය වගකිව යුතුයි. ගස් දරාපත්ව තිබේ නම් එය ඉවත්කළ යුත්තේ නගර සභාවද? කොහේද මේවාට පොරවක් කියතක් ගන්නවත් සල්ලි නැහැ. ඉන්න දේශපාලන හෙංචයින්ට, අධ්‍යක්ෂකලාට පඩි ගෙව්වාම... අනේ ගමකින් ආපු අහිංසක මිනිස් ජීවිත පහක්...!
කොළඹ නගරසභාවක් තියෙනවා. අනතුරුදායක ගහක් ගලවලා දාන්න ඕනේ කමක් නෑ. පුදුම පාලකයෝ...!
ඉතාම කණගාටුදායක පුවතක්, ඕක වෙන්න කලින් ඔය ගස කැපුවා නම්, පරිසරවේදියෝ කියාගන්න අයගේ හෑලි ටික බලාගන්න තිබුණා.
කොළඹට මහා නගර සභාවක් තිබුනට වැඩක් නැහැ නගරාධිපතිගේ ටොයිලට් එක හදන්න කොටි ගානක් වියදම් කෙරුවට පුරවැසියන්ගේ ආරක්ෂාව සුභාෂිංශන තුට්ටුවකටවත් ගණන්ගන්නේ නැහැ
හරිම කණගාටුදායක පුවතක්... අනවශ්‍ය දේවලට කෝටිගණන් වියදම් කරන මහනගර සභාව මේවාට වගකිව යුතුයි.
ලංකාවේ වැඩ වෙන්නේ ඔක්කොම මේ විදිහට තමයි. අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්නේ. දැන් ඵල ඇති ගස් ටික කපයි.
ගස් තියෙන්න ඕනෑ. නැතිනම් කොළඹ කොන්ක්‍රීට් සහරා කාන්තාරේ වගේ රස්නෙයි. හැබැයි ඒ ගස් ගැන හොයලා බලලා නඩත්තු කිරීමක් කරන්න ඕනෑ. මොකද කොයි දේ කරන්න වුණත් යම් කිසි විදියක් තියෙනවා. දැන් ඊළඟට වෙන්නේ මේ පිට දාලා හොඳ ගසුයි, නරක ගසුයි ඔක්කෝම කපාගෙන යාවි හරියට අර මාතර නගරයට සෙවන දුන් මහා ගස් ටික කපාගෙන ගියා වගේ.
නිවැරදිව මිනුම් හා අනුමත සැලසුම් හා සීමාමායිම් සහිත මහාමාර්ගයක එම සීමාවන් තුළ දෙපස පිහිටි ලොකුකුඩා සෑම ගසක් පිළිබඳවම අයිතිය ඇත්තේ එම ගස අදාල ප්‍රාදේශීය සභාවට, නගර සභාවට, මහනගර සභාවකට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට යන්නයි මගේ අදහස. ඒ අනුව එම ගස් කප්පාදු කිරීම, සමබර කිරීම, පුනරුත්ථාපනය කිරීම හෝ ඉවත් කිරීම හා නැවත රෝපණය කිරීම පිළිබඳ වූ පූර්ණ වගකීම ඇත්තේ එකී ආයතන වලටයි. පුරවැසියන් වශයෙන් සෑම කෙනෙකුම අනතුරකට පෙර අවධානයෙන් පසුවීමේ වැදගත්කම වටහාගත යුතු කාලයකි මේ.