( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ එච්.එම්.ධර්මපාල)

කොළඹ සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක බෝම්බයක් ඇති බවට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව එම බසය නවතා පරීක්ෂා කළ ද සැකකටයුතු කිසිවක් හමු නොවූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

කොළඹ සිට මොරටුව දක්වා ධාවනය වූ බස් රථයක බෝම්බයක් ඇති බවට අද  119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලීසියට  තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ගල්කිස්ස කොට්ඨාස රථ වාහන අංශයේ නිළධාරීන් කණ්ඩායමක් කටුබැද්ද මාර්ග බාධකය අසලදී අදාල බස් රථය නවතා පූර්ණ පරීක්ෂාවකට ලක් කළ අතර එහි තිබී සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ  බව පොලීසිය කියයි.

මෙය බිය ගැන්වීම සඳහා සිදුකළ ක්‍රියාවක්ද නැතහොත් අපරාධයක සැලසුමක්ද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වති.