(මාතලේ මහේෂ් කිර්තිරත්න) 

මාතලේ සිට සැලගම දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාතලේ ගොලැන්හෙන්වත්ත ප්‍රදේශයේ දි මාර්ගයෙන් ඉවතට පැන වෙළකට පෙරළිමෙන් පුද්ගලයන් 13 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

තුවාල ලැබු පිරිස මාතලේ මහ ‍රෝහලට ඇතුළත් කර ඇති බවත් සිද්ධීයෙන් තුවාල ලැබු අයගේ තත්වය බරපතල නොවන බවද පොලිසිය කියයි.

පලාපත්වල දෙසට ගමන් කළ වාහානයකට  ඉඩදිමට යාමෙන් මෙම අනතුරු සිදුව ඇති බව මුලික  පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

තුවාල ලැබු අය අතර වයස අවුරුදු තුනක පමණ දරුවකුද සිටින බවද පොලිසිය කියයි.

බස් රථයට අලාභානි සිදුව ඇති අතර මහවෙල පොලිසියේ රථවාහන අංශය සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.