
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ගමන් කිරීම සඳහා පැමිණි විශාල වාහන විශාල ප්‍රමාණයක් වැලිපැන්න පිවිසුම් දොරදොරටුවෙන් ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කළේය. අත්‍යාවශ්‍ය සේවා සහ සාධාරණ හේතුවක් මත ගමන් ගන්නා වාහන සඳහා පමණක් බස්නාහිර පළාතෙන් දකුණු පළාතට ඇතුළු වීම සඳහා අවසර ලබා දීමට පොලීසිය විසින් කටයුතු කරන ලැබූවා.
මේ හේතුවෙන් කොළඹ දෙස සිට දකුණු පළාතට ගමන් කරන වාහන රියදුරන්ට පැය ගණනාවක් අධිවේගී මාර්ගයේ රැඳී සිටීමට සිදු විය.
වැලිපැන්න දොරටුවේ සිට කිලෝමීටර ගණනක් දුරට රථ වාහන පොලිමක් දක්නට ලැබිණි සාධාරණ හේතුවක් නොමැතිව දකුණු පළාත වෙත ගමන් කිරීමට පැමිණි සියලු වාහන ආපසු හරවා යැවීමට පොලිස් නිලධාරීන් විසින් වැඩිදුරටත් කටයුතු කරනු ලැබුවා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ගේ මොළ තිබෙන්නේ යටිපැත්තේද? පැහැදිලිව කියනවා පළාත් මාරුවෙන්න දෙන්නේ නැහැ කියලා. එය දනදැනත් යන්නේ මොලේ වැරදි පැත්තේ පිහිටා තිබෙන නිසා වෙන්න ඇති...
මේ රටේ ඉන්න මහ පුදුමාකාර මිනිස්සු යන්න බෑ කිව්වාම මොකක්හරි අටවගෙන රිංගන්න යනවා. මේ අයට ලොකු දඩයකුත් ගහන්නයි තියෙන්නේ...
බමුණු මේ රටේ ඉන්නේ වැඩිපුර කකුල් දෙකේ හරක් කියලා දන්නේ නැත්ද? මේ අයට මොලයක් කියලා කළඳක් වත් තිබුණා නම් අවුරුදු 73ක් තිස්සේ දේශපාලන බූරුවන්ට මේ රටේ පිස්සු නටන්න දේවිද?
රටේ පවතින නීති නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමේ ඵල විපාක. රටක නීතිය සැමට එකසේ සමානව දැඩිව ක්‍රියාත්මක විය යුතුයි.
රටේ හැමදේම විවෘත කරලා, හැබැයි පළාත් හරහා ගමන් කරන්න බෑ. මේවා නිකන් විහිළු වැඩ...
රටේ මිනිස්සු විවිද පළාත් වල වැඩ කරලා සුමානෙකට පාරක් ගෙදර යනවා. සංචාරකයෝ රට වටේ යනවා .මිනිස්සු පිස්සු වැටිලා රට වටේ දුවන්නේ නෑ