



(ශාන්ත රත්නායක)
බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය හේතුවෙන් වසා දමා තිබූ නාරාහේන්පිට,රත්මලාන, බෝකුන්දර ,ආර්ථික මධ්‍යස්ථාන අද (04 ) විවෘත කෙරිණි.
කොළඹ නගරයේ හිඟයකින් තොරව එළවලු ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ අරමුණින් මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ඇඳිරිනීති බලපත්‍ර ලබාගෙන ඇති තොග වෙළඳුන්ට මෙම තොගකඩ වෙත පැමිණ එළවලු ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ
ඒ අතර මී ගොඩ හා වැලිසර ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේ ජනතාවට විවෘත නොවේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇදිරි නීතිය දාලා දැන් දවස් 8 ක්, අද වෙනතුරු කිසිම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදිය නිවෙස්වලට අරන් එන කිසිම ජංගම වෙළඳ රථයක් එන්නෙ නැහැ. දැන් බොහෝ මිනිසුන්ට අහාර ද්‍රව්‍ය හිඟයි. වහාම රජය මැදිහත් වී මේවා විසදා දිය යුතුයි. රජය වගකීම කෙනෙක්ට පවරල නිකන් බලාගෙන ඉදලා වැඩක් තියේද?
මේවා කරන්නේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් නොවේ. ඇඳිරි නීතිය අයින් කරන්නේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් නොවේ. රුපියල් 5000 ගෙවන්න වෙන නිසා සහ බිස්නස්කාරයින්ව සතුටු කරන්න. පාලන මිලවල් දාන්නේ රටේ බඩු ස්ටොක් එක පවත්වාගෙන යන්න. උදාහරණ : සැමන් Rs 100, සැමන් වෙළඳපොලේ නැතිව ගියා. සැමන් ස්ටොක් ගානට ඉතුරුකළා. පරිප්පු අඩුකළා. වෙළඳපලේ පරිප්පු නැතිව ගියා. පරිප්පු ස්ටොක් ගානට ඉතුරුකළා. කීරි සම්බා රුපියල් 120 කළා. වෙළඳපොලේ කීරි සම්බා නැතිව ගියා. කීරි සම්බා ස්ටොක් ගානට ඉතුරුකළා. සහල් පාලන මිලක් ගෙනාවේ දුප්පත් මිනිස්සුන්ට අඩුගානට සහල් දෙන්න නොවේ මාර්කට් සහල් ස්ටොක් ගානට ඉතුරු කරගන්න. එහෙමනම් සතොස හරහා ඕනෑතරම් අඩුගානට සැමන්, පරිප්පු, සහල් දෙන්න පුළුවන්නේ. දුප්පත් මෝඩ මිනිසුන්ව විහිලුවකට අරගෙන උගත්, කපටි අය එක්ක එකතුවෙලා ලංකාව උඩ ඉඳලා පහළට පට්ට ගහනවා...