
(යොහාන් භාසුර)
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර නිකුත් වී ඇතැයි කියන තත්වයක් හේතුවෙන් පාසල් රැසක් විභාගය අත්හිටුවීමට තීරණය කර ඇති බව කොළඹ ප්‍රධානතම පාසලක විදුහල්පතිවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය.
බස්නාහිර පළාතේ සියලුම පාසල්වල 10 සහ 11 යන ශ්‍රේණි සඳහා මෙම විභාගය අද (18) පස්වැනි දිනට පැවැත්වෙන බව කී එම විදුහල්පතිවරයා බස්නාහිර පළාත විභාගයට යොමු කරන ප්‍රශ්න පත්‍ර දින කීපයකට පෙර සිට දරුවන් අතර සංසරණය වන බව ද සඳහන් කළේය.
දරුවන් සතුව ප්‍රශ්න සහ පිළිතුරු යන පත්‍ර දෙකම තිබියදී විභාගයක් පැවැත්වීමේ ප්‍රයෝජනයක් නොමැති බවත් ඒ හේතුවෙන් කොළඹ පාසල් රැසක් විභාගය අත්හිටුවීමට තීරණය කර ඇති බවත් විදුහල්පතිවරයා කීය.
මෙම තත්වය යටතේ විභාගය පැවැත්වීමට සහ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමට ගුරුවරු කාලය සහ ශ්‍රමය වැය කිරීම ප්‍රතිඵල රහිත ක්‍රියාවත් බව කී එම විදුහල්පතිවරයා සඳහන් කළේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතු බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්‍යාව ඔබ කොපි කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
විභාගේ ජයගැනීමට...
මන්නන්
ඉතිහාසය...
හොඳයි
පේපර් එවන්න...!
හොදයි