(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිල ඇතුලු වියදම් ඉහළ යාම හේතුවෙන් ජූලි මාසයේදී සිදුවන වාර්ශික ගාස්තු සංශෝධනයේදි අවම බස් ගාස්තුව රුපියල් 40ක් කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
මෙයට අමතරව සියලුම බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමීමට සිදුවන බවත් විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
අයි. ඕ. සී ඉන්ධන පිරවුම් හල් වල පමණක් ඉන්ධන මිල ඉහල දැමුවත් පවතින තදබදය සහ ඇතැම් ප්‍රදේශවල සිපෙට්කෝ පිරවුම්හල් නොමැතිවීමෙන් වැඩි මුදලට ඩීසල් ලබා ගැනීමට සිදුවන බවත් ඔහු කීවේය.
කෙසේවෙතත් බස් සංගම් මේ මොහොතේ බස් ගාස්තු සංශෝදනයක් අපේක්සා නොකරන බවත් හෙතෙම පැවසීය.
නිසි ක්‍රමවේදයක් සකස් නොකළහොත් ඉහත අනුපාත වලින් ජූලි මාසය වනවිට ගාස්තු සංශෝදනය කිරීමට සිදුවන බවත් විජේරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බස් සංගම් කෙදිරිගායි