
(සුජිත් හේවාජුලිගේ)
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අන්තර් පළාත් මාර්ග සඳහා බලපත්‍ර පහක් නීතියට පිටින් නිකුත් කර ඇතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
පළාත් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර මගී ප්‍රවාහනය සඳහා බස් රථ යෙදවීමට අවසර පත්‍ර නිකුත් කිරීමේ බලතල පවතින්නේ කොමිෂන් සභාව සතුව පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.
1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ 18 වැනි වගන්තිය ප්‍රකාරව එසේ කටයුතු කළ නොහැකි බවද එහි සඳහන් වේ.
කොමිෂන් සභාව මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීමේ නියමිත ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබුණු බව පවසන විගණන අංශ මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීම සඳහා ප්‍රතිපාදන සැලසීමට ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමටද කටයුතු කර නොතිබූ බව සඳහන් කරයි.
මගි සේවා අවසර පත්‍ර අවම තාක්ෂණික අගය මත රුපියල් තුන්දහස රුපියල් දස දහස හා රුපියල් පහළොස් දහස යන විවිධ වටිනාකම් මත ලබාදී තිබූ බව වාර්තාවේ දැක්වේ
මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන කාඩ් පත් ව්‍යාපෘතිය වෙනුවෙන් කොමිෂන් සභාව ලක්ෂ හතරකට වැඩි මුදලක් දරා තිබුණු නමුත් ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ආරම්භ කර තිබුණු හෙයින් එම ව්‍යාපෘතියද 2023 වර්ෂය වනවිට අසාර්ථක වීම මත නතර කර තිබූ බව විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය. මෙම වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට පසුගිය 17 වැනිදා ඉදිරිපත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් ලක්ෂ 4කින් කාඩ් ක්‍රමයක් හඳුන්වා දෙන්න පුළුවන් කියනවා නම් පිස්සෙක් වෙන්න ඕනෑ. එහෙම නැත්නම් බස් දෙක තුනක කරපු පයිලට් ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඇති. මේ මහත්තයලා ආණ්ඩු කරන්න ගත්තාට තවම තමන්ට අයිති වපසරිය ආයතන මොකක්ද කියලාවත් නොදන්නා එකේ ලක්ෂ 4න් මගී කාඩ් ක්‍රමයක් හඳුන්වා දුන්නා කියලා හිතුවාද දන්නෙත් නැහැ. පොඩි කඩේකට අවශ්‍ය ඔටෝමේෂන් වැඩ ටිකට ඔය ගණන යනවා...
ඔය ආයතන දෙක එකතු කර එක බලවත් ආයතනයක් හදන්න..