(දමිත් වික්‍රමසේකර)
පෞද්ගලික බස් රථවල වාදනය කිරීමට සුදුසු ගීත ලැයිස්තුවක් ලබන ජනවාරි 1 වැනිදා සිට ලබාදීමට රජය තීරණය කර තිබේ.
බස් රථවල වාදනය වන ඝෝෂාකාරී සංගීතය නවතාලීම සඳහා රජය මීට දායක වන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.
බස් රථවල ඝෝෂාකාරී සංගීතය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මහජනතාවගෙන් 15,000කට ආසන්න පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
නව රෙගුලාසි අනුව, පෞද්ගලික සහ ලංගම යන බස් රථ දෙවර්ගයේම, සීඩී පට සහ පෙන්ඩ්‍රයිව් වාදනය තහනම් කිරීමට නියමිතය. එසේම බස් රථවල ගුවන්විදුලි යන්ත්‍රවලින් නිකුත් වන ශබ්ද නාද සඳහා සීමාවක් නියම කිරීමට ද කටයුතු කෙරේ.
(සන්ඩේ ටයිම්ස් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කළ යුතු කටයුත්තක්.මොකද මගීන්ට මේ සංගීතය ලොකු හිරිහැරයක්.
හොද රියදුරන් ටිකක් සහ කොන්දොස්තරලා ටිකක් පත් කරන එක වඩා හොඳයි.
දේක කවදාවත් වෙන දෙයක් නෙවේ. පිස්සු වැඩ. කිසි කෙනෙක් ඔය නීති පිළිපදින්නේ නෑ. ඉස්සර ලංගම බස් වල සින්දු දැම්මේ නෑ. දැන් ඒකටත් එක්ක....බස් වල යන්න ඕනේ හින්දා යනවා. මෙනෙ නීති ගෙනාවත් කිසිම කෙනෙක් පිළිගන්නේ නෑ. මේවා ගැන කතා කරලා වැඩක් නෑ.
අපිට නම් කිසිම සින්දුවක් අහන් ඕනේ නැහැ. නිදහසේ යන්න තිබ්බ නම් ඇති.
හොඳ තීරණයක්......
වැඩේ හොඳයි. හැබැයි කොමිෂන් එහෙම කොහොමද දන්නේ නැහැ. මේ දේශපාලුවන්ටනම් කොමිෂන් නැතිනම් කිසිම දෙයක් බැහැ.
හොඳ වැඩක්. ස්තුතියි.
මේ සංදර්ශන වලට වඩා ගොඩක් වටිනවා දුප්පත්, උපාධියක් තියන් රැකියා නොමැති එදිනදා වේල පිරිමහගන්න බැරිව දුක් විදින ජනතාවට මොනා හරි සහනයක් වන වැඩ පිලිවලක් ගැන හිතුවොත්....... නේද? නැතිනම් මෙයාලගේ පාලන කාලෙත් සංදර්ශන වලින්ම නිමාව දකි.
හොඳ තීරණයක්. අවම වියදමකින් කළ හැකි ජනතා සේවයක්.
සියලුම විහාරස්ථානවලට " ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර " පිළිබඳව ඇති චක්‍රලේඛය යවන්න. දැන්නම් කොහේ ගියත් කන් බීරි වෙන තරම් සද්දේ. අනික ඇහෙන සිල්ලර කවිබණ.. ඒක දැන් යස බිස්නස් එකක් වෙලා තියෙන්නේ. පුදුම කරච්චලයක් තියෙන්නේ.
රජයෙන් හොඳ ගුවන්විදුලි සේවාවක් ආරම්භ කළා නම් හරිනේ. සියලු දෙනාටම අහන්න පුළුවන් ගීත විතරක් ඉදිරිපත් කරලා. එතකොට ගෙවල්වල ඉන්න අයට වුණත් හොඳ ඒවට සවන්දෙන්න පුළුවන්...
පොදු ප්‍රවාහන සේවාවන් තුළ වාදනයට සුදුසු ගීත ලැයිස්තුවක් දෙනවා වෙනුවට වාදනය සම්පූර්ණයෙන් නවතා දැම්මා නම් ඉවරයි. පොදු ප්‍රවහන සේවාවක් නිසා විවිධ මානසික තත්ත්වයන් තියන අය යනවා.. සමහරෙක් අසනීප තත්වයකින් ඉන්න ඉඩ තියනවා. තව කෙනෙක් සමහරවිට බොහෝ ශෝකජනක සිදුවීමකට මුහුණ දෙන අවස්ථාවක ඉන්න ඉඩ තියනවා. ඒ විතරක් නෙමෙයි, රියදුරු මහතාගේ පවා අවධානය අඩුවීම නිසා අනතුරු වෙන්න තියන අවස්ථාව ඉතාමත් ඉහළයි.
බස් රථවල වාදනය කිරීමට සුදුසු ගීත ලැයිස්තුවක්... එහෙම කොහොමද කරන්නේ? කාටවත් ඕනෑ ගීත පල කරන්න බැහැනේ... එක්කෝ තහනම් කරන්න කාටවත් ලැයිස්තු දෙන්න බැහැ. මේක ප්රජාතන්ත්රවාදී රටක්...
LED ලයිට්ස් ගලවන්න කියන්න. බස්වලට කම්පැණි එකෙන් හයිකරලා එවන ලයිට්ස් තියනවනේ. සමහර සමහර බස් නයිට් ක්ලබ් වගේ...
මොන සින්දුවක්වත් ඕනෑ නෑ. සින්දු ඕනෑ කෙනා හෙඩ් ෆෝන් එකක් ගහගෙන ඕන සින්දුවක් අහගෙන යාවි... පොත් පත්තර කියවන මිනිස්සු එ්ක නිදහසේ කර ගනීවි. නිදිය ගන්න අයට කනක් ඇහිලා නිදාගන්න පුළුවන්.
දැන් මේවා තමයි අඩු... හාල්මිල ගණන අහස උසට.. එළවලු කන්න කන්න සල්ලි නැහැ. සංදර්ශන පවත්වනවා. මුලින්ම මිනිස්සුන්ට කන්න දෙන්න බොරුවට සින්දු දාන කතා ගැන කියනවා. මේවා හොඳයි ගැලරියට... ඇවිල්ලා මාසයක් වෙනවා කරපු දෙයක් නැහැ. තාප්පවල චිත්‍ර අඳින එක තමයි කරේ. බඩු මිල එහෙම්මයි...
වාහන වල විතරක් නොවේ... රෙකොර්ඩ් බාර්, මහාමාර්ගය අසල තිබෙන කඩවල, බලපත්‍ර නොමැතිව පල්ලි පන්සල්වල ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතා කරන ශබ්ද දූෂණය වහාම නතර කරන්න පියවර ගන්න.
සින්දු දැමීමේ අරමුණ කොටකොටා යෑම මගියාට අමතක කරවීමයි. ශාස්ත්‍රීය වුණත්, රැප් වුණත් කාලය කාදැමීම එහෙමම සිදුවෙයි.
ෆාමසියකට ගිහින් රුපියල් 50කට කනේ ගහන ඇබ දෙකක් (නින්දේදී පාවිච්චිකරන) අරන් පර්ස් එකේ තියාගන්න. බස්රථ තුළ පුද්ගලික හෝ ආණ්ඩුවේ කාගෙවත් සිංදු වාදනය කරවන්නේ මොකටද? සින්දු දමන්නම ඕනද එන්ජිම දුවවන්න... මේ නාඩගම් හොඳයි ලංකාවටම... නොහැදෙන රටක් මොකක්කළත් නොහැදෙයි.. කනේ ඇබ ගහගෙන බස් එකේ යන්න.
පැමිණිලි 15000ක්ම එනකන් මොකද කළේ? මේ වගේ දෙයක් ක්‍රියාත්මක කරන්න මෙච්චර කල් ගියේ ඇයි?
පිස්සු නැත්නම් හොඳයි. බස්වල වාදනය කරන සින්දු කාටවත් ඕන විදියට තීරණය කරන්ඩ පුළුවන්ද? මාර යෝජනාවක් නේ...
හොඳයි..
තව ටික කාලෙකින් හෙයා ස්ටයිල් එක, රැවුලේ දිග පළල, කාන්තාවන්ගේ ඇඳුමේ දිග ගැනත් රෙගුලාසි ඒවිද? මේ තීන්දුව නම් බූරුවැඩක්, එහෙම නොවේ වෙන්න ඕනෑ, කවුරුහරි කෙනෙක්ගේ, තව කවුරුහරි ආසාකරන සින්දු තෝරලා දුන්නට වැඩක් නැහැ. බස්කාරයන් දාන ඈම්ප්වල සද්දෙට තමයි මොකක් හරි කරන්න ඕනෑ. ඉතින් රෙගුලාසියක් ඕනෑ වෙන්නේ බස් වල තියෙන ඈම්ප් ගලවලා වීසි කරන්න. අපි ඔය බස් කටු වල යන්නේ සින්දු අහන්න නොවේ. අපේ පාඩුවේ යන ගමනක් යන්න.
සරලම දේ පොදු ප්‍රවාහන බස්රථවල යන හැමෝටම සින්දු හෝ වීඩියෝ බැලීම අවශ්‍ය නැත. එසේ කරනවා නම් එක් එක් අයගේ අවශ්‍යතාවයට අනුව සිදු කරන්න. නැත්නම් ඒවා වාදනය කීරීම නවත්තන්න රජයකට හැකිවිය යුතුයි.
රටේ තියන ලොකුම ප්රශ්නය බස්වල දාන සින්දුද?
1 වැනිදා බලමුකෝ ඒ වෙනස සැපද කියලා..
සිංදු ඕනෙම නෑ. ඔය කැසට් තඩි ගලවන්නම නීති ගේන්න. එතකොට කැමති අයට පුලුවන් තමන්ගෙ ස්මාර්ට් දුරකතනෙට හෙඩ් සෙට් එකක් ගහලා කැමති සින්දුවක් අහන්න. ඒක කොච්චර සැනසීමක්ද..
ඇත්තටම ඔය සංගීතය සම්පූර්ණයෙන්ම නැවැත්තුවා නම් තමයි හොඳ. බස්වල යන මිනිස්සුන්ට සංගීතය රස විඳින්න තරම් මානසිකත්වයක් නැහැ. ඇත්තටම කිව්වොත් මිනිස්සුන්ට කල්පනා කරන්න හුඟාක් දේවල් තියෙනවා යන ගමන අතරතුර. තමන්ගේ ගමන විවේකී මනසකින් යන්න තමයි මිනිස්සු කැමති. බස්රථවල සංගීතය සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මොත් මිනිස්සු පොත් පත්තර සඟරා කියවන්න පටන් ගනියි ගමන අතරතුර.
අගය කළ යුතු කටයුත්තක්.
පුජනිය ස්ථානවල ශබ්ද විකාශන වලටත් නීතියක් ගෙනාවොත් හොඳයි.
ගොඩක් වටින යහපත් සමාජයක් බිහිකිරිමේ ගමනක වෙනස් විය යුතු තැනක්
ඔය එක්කම ටීවී රේඩියෝත් පාලනය කරන්න.
බස් එකේ සද්දෙත් එක්ක මොන සින්දුද? ශබ්ද දුෂණය නවතා දමන්න බැරිද? ඕනේ අයවලුන් කනේ ඇබ ගහගෙන මොබයිල් එකෙන් සින්දු අහගත්තාවේ.
මිනිස්සුන්ට කන්න නැහැ. මෙයා බස්වල සින්දු ගැන කතා කරනවා..