(දසුන් රාජපක්ෂ)
ලංගම සහ පෞද්ගලික බස් රථවල මගීන්ට හිංසා වන අයුරින් වාදනය කරන ගීත තැටි සහ වීඩියෝ පට වාදනය කිරීම නැවැත්වීම සඳහා ජනවාරි 15 වැනිදා තෙක් සහන කාලයක් ලබා දෙන බව ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (1) 'ලංකාදීප'යට ප්‍රකාශ කළේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කරන ලද සුභාවිත ගීත අඩංගු තැටි ලබා ගැනීමට බස් රථ රියදුරන් සහ කොන්දස්තරවරුන්ට අවශ්‍ය කාලය ලබා දීමේ අරමුණින් මෙම සහන කාලය ලබා දීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
සහන කාලය තුළ අදාළ සුභාවිත ගී තැටි ලබාගෙන මගීන්ට පීඩා නොවන අයුරින් ඒවා වාදනය කරන ලෙස සියලු රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් ඉල්ලා සිටින බව මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා දින 15 කාලයක්... විකාරද හරියට මේ ඝෝෂාව අවශ්‍යම එකක් වගේ කතාව. මම පොලීසියට කියලා ඕක නවතාගෙන තිබෙනවා. හැබැයි එදා චීවර ධාරියෙක් මට දොස් කීවා මම හිතන්නේ ඝෝෂාකාරි සින්දු රස විඳින්නෙක්. ඔය ඝෝෂාව කාගේ වුවමනාවටද?
මේ විදියට රූපවාහිනී නාලිකා වලටත් ප්‍රමිතියක් හඳුන්වා දිය හැකිනම් හොඳයි. මොකද අද පෙන්නන කසිකබල් සංගීත තරග, නර්ථන තරග, නාට්‍ය ආදී වැඩසටහන් මගින් ප්‍රේක්ෂකයින්ගේ මනස පමණක් නොව කයද දූෂණයට පත්වීමද වැළැක්විය යුතුයි.
ඝෝෂාව කියන්නේ තෙල් පෙට්‍රල් නැතිනම් වතුර වගේ ජාතියක්ද? ඉහත දේවල් සාමාන්‍යයෙන් බස් දුවන්න අත්‍යවශ්‍ය දේවල්. ඝෝෂාවත් එහෙමද? තීන්දු තීරණ ගන්න ඕනේ කොන්ද පණ ඇතිව. පළවෙනිදා කියන්නේ 15 වෙනිදා නොවේ.
එච්චර කල් ඉන්න බැරියෝ...
මුලින් ඉතා හොඳ තීරණයක් ගෙන තිබුණත්, එය කල් දමමින් දියාරු කිරීම කණගාටුවට කරුණකි. ගීත සහ වාදන බස්රථ ධාවනය සඳහා අත්‍යාවශ්‍ය දෙයක් නොවන නිසා, අදාල සීඩී ලබාදෙන තෙක් අඩුම තරමින් අධික ඝෝෂාකාරී ශබ්ද නවත්වනවා නම් වඩාත් හොඳයි නේද?
ආණ්ඩුවේ ඇමතිලා අතර දියාරු, කොන්දක් නැති සහ විශේෂයෙන් කොඳු ඇට පෙළ දිගේ ඉහළටම යනකොට අහුවෙන්න තරම් දෙයක් නැති අයත් ඉන්නවා කියන්න මෙන්න තවත් උදාහරණයක්...
අපි දිනපතා මෙම කසිකබල් සින්දු අසමින් කොන්දොස්තරවරුන්ගේ හිරිහැර විදිමින් යන අසරණ මගීන් වෙමු. අපට තව දිනක්වත් මෙම හිරිහැරය විඳිය නොහැකි බැවින් ගැත්තන්ට කමාකර දින කල් නොදමා මෙම ඓතිහාසික තීරණය ක්‍රියාත්මක කරන්න.
ඒ කියන්නේ බස් මගීන්ගේ අසහන කාලය තව දින 15කින් දීර්ඝ කරනවා. බසයේ රියදුරු හා කොන්දොස්තර මගීන් හැටක් හැත්තෑවක් විතර...
මොකටද මහජනතාවට කරදරයක් වන අවැඩක් නැවත්වීමට කාලයක් ලබා දෙන්නේ. අනේ මන්දා කවුද මේ තීරණය ගත්ත කෙනා ?
මේක ඉතාම හොඳ දෙයක්. මගීන්ට මේක හිරිහැරයක්. හදිස්සි අනතුරු වාට්ටුව ලඟින් යනවා වගේ.
සුභාවිත ඒවත් අභාවිත ඇති. ඔක්කොටම වඩා හොඳ සද්දයක් නැතිව යන්න දෙනවනම් නේද? ශබ්ද දුෂණය පරිසර දුෂනයේම කොටසක් බව මත තියා ගන්න ඕනේ.
බොහොම හොඳයි, හැබැයි සති දෙකක්වත් අවශ්‍ය නැහැ නේද සින්දු වෙනස් කරන්න. සින්දු තැටි අලුතෙන් ගන්නකල් නිහඬව දුවන්නත් පුළුවන්නේ.. බස් එකේ එන්ජිම දුවන්නේ සින්දුවේ තාලෙට නෙමෙයි නේ... ප්‍රවාහන ඇමැති, කරුණාකරලා ආසනවල ප්‍රමිතියකුත් නීතිගත කරන්න. ආසන 2-3 බස්වල දෙකේ සීට්වල දෙන්නෙකුට ඉන්නත් බැහැ තුනේ සීට්වල තුන්දෙනෙකුට ඉන්නත් බැහැ සීට් පේලි අතරින් දෙන්නෙකුට හිටගන්නත් බැහැ සීට් එකේ ඉඩගත්තම ඉස්සරහ සීට් එකේ කකුල් හිරවෙලා.. මේ කාරණයත් නිවැරදි කරන්න මොකද, මගීන් මුදල් ගෙවන්නේ ඒ පහසුකම්වලටත් එක්කනේ...
කැමතිද කෙවිටක් පෙන්නලා හරක් ගාල් කරනවා වගේ මිනිස්සු පාලනය කරන එකට? ආමි එකේ හෙයා කට්එකේ ඉඳල හැම දෙයක්ම පාලනය කරනවා වගේ මිනිස්සුත් පාලනය කරන එකට? ආණ්ඩුවට අවශ්‍ය පරිදි මිනිස්සු මෙහෙයවීම් ගාල් කිරීම් වලට විරුද්ධ වෙන්න, එහෙම නොවුනොත් උතුරු කොරියාවේ වගේ පුරුෂයන්ට ස්ත්රීන්ට හෙයා ස්ටයිල් එකක් ආණ්ඩුවෙන් නියම කරාවි, ඇඳුමට නීති ගෙනේවි, කන බොන එකටත් නීති ගෙනේවි.
අපේ මිනිස්සු නිදහස කියන එක දන්නේ නැහැ, අවුරුදු දාස් ගානක් දූපතක හිරවෙලා ඉඳල උන්ගේ ජාන වලින්ම හිර වෙලා ඉන්න එකට ප්‍රෝග්‍රෑම් වෙලා, දැන් ඔය කපටි සූට් කාරයෝ ගැලවුම්කාරයෝ වගේ දකින ලෙඩේ හැදිලා තියෙන්නේ එකයි, මේක බොරුවක් නෙවෙයි.
වහල් ආණ්ඩුව වගේම යූ ටර්න් ආණ්ඩුවත් ජනතාව ගැන හිතන්නේ අනිත් හැමෝම ගැන හිතලා අන්තිමම අන්තිමට. මොන සංගීතය දැම්මත් මොන සුභාවිත ගීත දැම්මත් ඒව කන් අඩි පැලෙන්න දානවනම් මේ දාන නීතියෙන් ඇති වැඩක් නැහැ. කරන්න තියෙන්නේ මේ ජනවාරි 15 වෙනකම් කිසිම සින්දුවක් සංගීතයක් බස් ඇතුලේ දාන්න බැහැ කියලා කියන එක. ඊට පස්සේ මිනිස්සුන්ගේ ප්‍රතිචාරය බලල මිනිස්සු කැමති බස් එකේ නිහඬව සැනසිල්ලේ යන්නද නැත්නම් ඔය කියන සුභාවිත ගීතයක් අහ අහ යන්නද කියල දැන ගන්න පුළුවන්.
ආසන 2-3 බස්වල දෙකේ සීට්වල දෙන්නෙකුට ඉන්නත් බැහැ තුනේ සීට්වල තුන්දෙනෙකුට ඉන්නත් බැහැ සීට් පේලි අතරින් දෙන්නෙකුට හිටගන්නත් බැහැ. සීට් එකේ ඉඩගත්තාම ඉස්සරහ සීට් එකේ කකුල් හිරවෙලා.. ඒ මදිවට සීට් එකේ පැතිවලින් හිරවෙලා එ්කේ ඇතුලේම ඉන්න තව යකඩ අත්වැල් වගේ කම්බි ගහලා මේවා නොපෙනෙන්නේ බස් කාරයන්ගෙන් පගාව ලැබෙන නිසාද? ඒ වගේම සියලුම මාර්ග නීති කඩකරන එකම රියදුරන් සිටින්නේ බස්වල නීති තිබුණාට ඒවා හරියට ක්‍රියා කරවන රජයක් අපට ඕනේ...
හනේ හනිච්චං,... වයර්ලස් එකේ ස්වීච් එක ඕෆ් කරන්න දවස් 15ක්... අපිට එපා වෙලා තියෙන්නේ... දැන්ම ඔය සංගීතේ වහලා දාපල්ලකෝ...!!!