(පුෂ්පකුමාර ජයරත්න සහ චාන්දනී දිසානායක)
කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්පිටිය ප්‍රදේශයේදී බවුසරයක් සහ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් හය දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
කුරුණෑගල සිට කෑගල්ල දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ගමන්ගත් බවුසරයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
බස් රථයේ රියදුරා ත්‍රීරෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි. අනතුරින් ත්‍රීරෝද රථ රියදුරාද තුවාල ලබා තිබේ.
අනතුරින් බස් රථයේ සහ බවුසරයේ ඉදිරිපසට දැඩි හානි සිදුව ඇති අතර බස් රථයේ ඉදිරිපස පාපුවරුව ගැලවී බිමට කඩා වැටී තිබේ.අනතුරින් වාහන දෙකේම රියදුරන්ට බරපතල තුවාල සිදුවී ඇති බවත් බවුසරයේ රියදුරුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.
අනතුරට ලක්වූ බවුසරයේ ඉන්ධන තිබූ බැවින් අනතුරෙන් පසුව එය ගිනි ගැනීමෙන් වළක්වා ගැනීම සඳහා ආරක්ෂක පියවරක් ලෙස කුරුණෑගල මහා නගර සභාවේ ගිනි නිවන ඒකකයද කැඳවා තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දට ජීවිත කීයක් බිළි ගන්නවද? කී දෙනෙක් එකතැන් වෙනවද? ඇයි මේවා කාටවත් පේන්නෙ නැත්තෙ? භූමි තෙල් ගහගෙන, පිටි කොටන්නා වගේ සංගීතෙ දාගෙන, තොරන් වගේ ලයිට් දාගෙන, නයි නටවන හෝන් ගහගෙන, මර්ග නීති කියල නාමයක් නැති මේ බස් සංස්කෘතිය කවදද නියාමනය වනේනෙ? ආන්ඩු කීයක ප්‍රවාහන ඇමතිල හිටියද? මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියක් කියල එකකුත් තියෙනවා නේද? අනේ මන්ද පුදුම කළකිරීමක් තියෙන්නෙ.. මේ වගේ රටක ඉපදීමත් පවක්...