
(රංජිත් රාජපක්ෂ)
හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත එන්සි කොටසේදී අද(02) පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එම බස් රථයේ ගමන්ගත් 48 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය.
අනතුරෙන් පාසල් ළමුන් 30 දෙනෙකු සහ වැඩිහිටියන් 18 දෙනෙකු තුවාලලබා රෝහල් ගත කර ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරු කියා සිටියහ.
තුවාල ලැබු පාසල් ළමුන් අවු 10 – 18 වයස් වල පසුවන ළමුන් බවද පැවසේ.
ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථය මාර්ගයෙන් අඩි 25 පමණ ඉවතට පැන ඇත. එම මාර්ගය දැඩි ලෙස වලවල් හෑරී තිබීම නිසා බස් රථය වලකට වැටී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිළිබදව පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ.. අහිංසක සිසු දරුදැරියන්ට සිදුවූ දේ ගැන කණගාටුයි. පාරේ වළවල් වගේම මේ බස් සේවාවන්වල තිබෙන දුර්වලතාද එමටයි. මේවා බලධාරින් නොදකින හැටි...
"පාරේ තිබෙන අඩුපාඩු ගිණුමට ඔක්කොම බැරකරලා දාමු" මොකෝ විනීත රියදුරන්ගේ මෙන්ම බස් රථයද කිසිඳු අඩුපාඩුවක් ඇත්තේම නැහැනේ.. කෙසේවෙතත් අහිංසක දු දරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.
අනේ අපොයි.., පුංචි දූලා පුතාලා ටික දෙවියෝම රකින්න ඕන. බලධාරීන්ගේ වැරැදි. මේ දුෂ්කර පළාත්වල මාර්ග සංවර්ධනයට සල්ලි යොදවන්නේ නැහැ.