
(සනත් ගමගේ)
අම්බලන්තොට හුංගම කිවුල ප්‍රදේශයේදී යතුරු පැදියක් බස්රථයක ගැටීමෙන් අද (12) උදෑසන 08ට පමණන සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ හම්බන්තොට බදගිරිය ගෙවල් 18 ප්‍රදේශයේ පදිංචි මැදගොඩ කට්ටාවඩිගේ දමිත් ඉන්දික කුමාර නමැති වයස අවුරුදු 31ක පමණ පුද්ගලයෙකු වේ .
මියගිය තරුණයා කුඩාවැල්ල ප්‍රදේශයේ සිට යතුරු පැදියකින් හම්බන්තොට දෙසට ධාවනය කරමින් සිටියදී හම්බන්තොට දෙසසිට හුංගම බටඅත කර්මාන්ත පුරයට සේවකයින් රැගෙන යමින් සිටි පුද්ගලික බස්රථයක ගැටී තිබේ.
අනතුර සම්බන්ධයෙන් හුංගම පොලිසිය විසින් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හුංගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd