
(ප්රසාද් රුක්මල්)
වැල්ලවාය හම්බන්තොට ප්රධාන මාර්ගයේ ලුනුගම්වෙහෙර උනාතුවැව ප්රදේශයේදි පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් 15ක් තුවාල ලබා තණමල්විල , හම්බන්තොට ,තිස්සමහරාම, ලුනුගම්වෙහෙර රෝහල්වලට ඇතුළත් කළ බව ලුනුගම්වෙහෙර පොලිසිය පවසයි .
බදුල්ල සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ කොළඹ සිට අම්පාර බලා අධිවේගී මාර්ගය හරහා ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගි පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෙම අනතුර සිදුව තිබින.
අනතුරින් බදුල්ල මාතර පෞද්ගලික බස් රථ රියැදුරුත් තුවාල ලබා ඇති බවත් , තුවාල ලැබූ කිහිපදෙනෙක්ගේ තත්වය තරමක් බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd