
(යොහාන් භාසුර)
බස් ගාස්තු මෙම මස 4 වැනිදා සිට සියයට 0.55 කින් අඩු කිරීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් අද (1) පස්වරුවේ පැවසීය.
සමස්ත ගාස්තුව අඩු වුවද අවම බස් ගාස්තුව සංශෝධනයක් නොවන අතර එය තව දුරටත් රුපියල් 27 ක පවතින බව ද එම කොමිෂම කීය. මෙම වසරේ (2025) වාර්ෂික බස් ගාස්තු සංශෝධනයෙන් බස් ගාස්තුව සියයට 2.5කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැළපීමෙන් පසුව නව බස් ගාස්තු සංශෝධනය සියයට 0.55කින් අඩු කිරීමක් බවට පත්වූ බවත් එම නිලධාරියා සඳහන් කළේය.
මෙම මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක බව ද එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදෝමකින්
ඩීසල් මිල වැඩි වෙලා තියෙද්දී කොහොමද බස්ගාස්තු අඩු වුනේ? මේ ඇමතිලා නිලධාරියෝ දන්නවද 1 වෙනිදා ඩීසල් පැට්‍රල් වැඩි කරා කියල? අඃ මට දැන් මතක් වුනේ සුපර් ඩීසල් සහ හයි ඔක්ටේන් පැට්‍රල් වැඩි කලේ නැහැ නෙව. අපි ඉතින් ගහන්නේ ඕව නෙවේ සර්. සොරි.
කාව සසදන්නද දන්නේ නැහැ, එහෙම අඩු කිරීමක් කෙරුවේ
ලංකාවේ මිල අඩු කිරීමේ ක්‍රමය මොනතරම් විහිළුවක්ද?