
(යොහාන් භාසුර)
බස් ගාස්තු ලබන ජූනි මාසයේ අනිවාර්යෙන්ම සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බාස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2) පෙරවරුවේ පැවසීය.
බස් රථවලට වැට් බදු ආදේශය කර ඇති අතර ඒ හේතුවෙන් බස් රථ මිල ඉහල යෑමෙන් සියලුම පිරිවැය ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වය නිසා වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී ගාස්තු ඉහළ දැරීමට සිදුවන බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවය දවසින් දවස කූජිතයි. හැබැයි ගාස්තුව ඉහළ යනවා. මේ ලංකාවේ කරුමෙට ඉපදුණු බිස්නස්කාරයෝ. මොවුන් මගීන්ට සලකන්නේ මරන්න ගෙනියන හරකුන්ටත් වඩා අන්තෙට. තව මාධ්‍ය සාකච්ඡාත් තියෙනවා.
මේකාවත් කරඅඹන දවස ඈතක නොවේ…..!
මුන් අලුතින් බස් අරගත්තේ කවද්ද
මේ මනුස්සයා ගැන නම් කියලා වැඩක් නැහැ. අවුලක් ඇති නොකර ඉන්ඩම බැරි එකෙක්. බස් රියදුරෝ කරන වැරදි ,ඉගිළෙන්නට හදන උන්,ටිකට් නොදී ගසාකන උන්,පොල් පටවන්නා වගේ සෙනග පටෝගෙන තරගෙට යන උන් ඒවා ගැන වගේ වගක් නැහැ.
ඊට පෙර සියළුම අනවශ්‍ය සැරසිලි අධික ශබ්ධය දමන බපල්, සුදු යකඩ බට ඉවත්කරන්න ඕන නැතිනම් ජනතාව විසින් ඉවත් කිරිමට කටයුතු කළ යුතුමය. නියමිත පුවේශපතු ලබාදීම, දුරගමන් සේවා බස්රථ නවත්වන ලබන සියලුම ස්ථාන වලින් මිනිසුන් ආහාර පාන ලබා ගැනීම වැලකී සිටිය යුතුය,
මහින්ද කෙරුවා වගේ අඩගහලා කනට එකක් ගැහුවා නම් ඔය අමාරුව හරි යයි.
මේ මනුස්සයා හැමදාම කියන දෙයක් තමයි "වාර්ෂික බස් ගාස්තු සංශෝධනය" කියලා එකක්. එතකොට මූ අටව ගත්තේ 2002 රනිල් අග්‍රාමාත්‍ය වෙන්න උදව් කළා නිසා ගත්ත කප්පමක් කිසිම දෙයක් නොකර, මේ මිනිස්සු එදා ඉඳලා කළේ හැමදම මිනිහෙක්ට බස් එකක යන්න බැරි තරමට විශාල බස් ගාස්තුවක් නග්ගපු එක. මේ ආණ්ඩුවෙන් එයා නවතා දමන ලෙස ඉල්ලා සිටිනවා
ලේලන්ඩ් සමාගමේ ඔරිජිනල් සවි කරලා එන ආසන ගලවල තව පේලියක් වැඩියෙන් ගහනවා , එතකොට මගීන්ට යන්න තද වෙලා , බස්වල සැරසිලි ගලවන්න ප්‍රථම මුලින්ම හොයල බලන්න ඕනේ පොතේ සටහන් ප්‍රමාණයට වැඩිපුර අසන තිබෙනවද කියල , මගදී නවත්වල අහඹු දුම් පරික්ෂ කරන්න ඕනේ , ඔය ශබ්ද නගන බෆල් ගලවල දමන්න ඕනේ , වැඩිය දගලුවොත් අර සාකච්චාවට එන්න කියල අර මහින්ද දීපු ට්‍රිට්මෙන්ට් එක දෙන්න ඕනේ , හොඳින් කතා කරලා මාෆියා කාරයෝ එක්ක ගනුදෙනු කරන්න බැහැ උන්ට කතාකරන්න ඕනේ උන්ට තේරෙන භාෂාවෙන් , නියමිත වේගයෙන් නියමිත වෙලාවට ගමන් කරන බස් ලංකාවේ නැහැ , එක්කෝ ඒවා පාරේ යන්නේ රේසින් කාර් වගේ , එහෙම නැතිනම් කොට කොට ඉබිගමනේ , මිනිස්සු දුක් විදිනවා , ආණ්ඩුව මේවා හොයල බලන්න