(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කණුව ප්‍රදේශයේ සිදු වූ විනෝද චාරිකා බස් රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුලු කාර්‍ය මංඩලයේ 12 දෙනකු සිටින බව ඇල්ල පොලිසිය පවසයි .
තංගල්ල නගර සභාවේ කාර්‍ය මණ්ඩලය ඔවුන්ගේ පවුල් වල සාමාජික අය සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඊයේ (4) රාත්‍රි මෙසේ ඔවුන් ගමන් ගත් විනෝද චාරිකා බස් රථය රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී අඩි දාහක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබු අතර අනතුරින් 15ක් මියගොස් 18 ක් තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කරනු ලැබූහ .
දැනට බදුල්ල රෝහලේ මෘත දේහයන් 6ක්, දියතලාව රෝහලේ මෘත දේහයන් හතක්, සහ බණ්ඩාරවෙල රෝහලේ මෘත දේහයන් දෙකක් තැන්පත් කර තිබෙන අතර,මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කිරිමට නියමිතව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ තැන්නවල් වල වේගෙන් යන ඩ්‍රයිවර්ලා ඒ වේගෙන්ම කඳුකරේ යන්න හදනවා. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි , හරියට රියදුරු පුහුණුවක් හෝ රියදුරු පරීක්ෂණයක් නැති එක. ලංකාවේ ඩ්‍රයිවර්ස් ල 90% වෙන රටවල ඔය විදියටම පරීක්ෂණයට ගියොත් ෆේල් ...............
අතීශයින්ම කම්පනයට පත් වන ප්‍රවෘත්තියක්, මිය ගිය සියලුම රට වැසියන්ට නිවන් සුව අත්වේවා, මෙවන් අවස්ථාවල, "මහ පාරේ මරුන සුනඛ මල කුනකට පොර කන කපුටන් රැලක් සේ බ්රකින් නිවුස් දාන්න පොරකන" රූපවාහිනි සහ යුටියුබ් කාරයන් පාලනය කිරීමට අවශ්‍යයි! - පාලකයින්ට ඇතුළු සියලුම දෙනාට ප්‍රඥාව පහළ වේවා. - මාධ්‍ය ආචාර රකිමින් ප්‍රවෘත්ති වාර්තා කරන ලංකාදීපයට ස්තුතියි!
වෙන රටවලට වඩා ලන්කාවේ සිදුවෙන අනතුරු ප්‍රමාණය ඉතාම ඉහළයි. හොන්ද රියදුරු පුහුණුවක් නොතිබිම, මත්පැන් පානය, බස්වල යෝග්‍යතාව මේ ගැන සැළකිළිමත් වීමත් වැදගත්... මියගිය සියලුම දෙනාට අපගේ කණගාටුව පළ කරනවා. නිවන්සුව ලැබේවා...
මේක පුදුම රටක්. තොගයක් මැරුණාම රියදුරන්ට බනිනවා. ඒත් සතියක් යනකොට රියදුරෝ කරන වැරැදි අල්ලන පොලිසියට බනිනවා. බස්වල කෑලි ගලවනකොට පොලිසියට බනිනවා. මේ අනතුර වුණු බස් එකේ වීදුරුවේ අංකයක් අලවලා තියෙනවා. මේ වගේ දේවල් මගින් රියදුරාට පාර පෙනීම අවහිර වෙනවා. වෙනකක් පවා අගල් 5 X 3 ප්‍රමාණයේ GPS එක වීදුරුවේ ගහලා තිබුන වාහනයකට පිටරටදී ලොකු දඩයක් ගැහුවා. අපේ රටේ මිනිස්සු හරිම මෝඩයි. මැරෙන්නේ බුරුතු පිටින්.ට්‍රිප් යන පවුල් පිටින් අලින්ට කන්ඩ දෙන්න යනවා. පවුල් පිටින්. වතුරේ ගිලිලා මැරෙන්නේ පවුල් පිටින්. හැබැයි තමන් යන වාහනේ රියදුරු බීලා අහුවුනාම පොලිසියත් එක්ක රණ්ඩුවට යනවා පොඩ්ඩයි බීවේ කියලා. බස් එකේ යන කෙනෙක් කියුවොත් රියදුරාට බොන්න දෙන්න එපා කියලා හෝ හයියෙන් යන්න එපා කියලා, අලියා ලග නවත්වන්න එපා කියලා ඒ පවුල් අතරේම ඉන්නවා කියපු එකාට කෝචෝක් කරන. ගේම ඉල්ලන. ජාතියක් විදිහට අපි අවුල්....
ලොරි බස් අතුරු විපාක.
මේ රියදුරා අනිවාර්යෙන් මොනවහරි මත්වෙන දෙයක් බීලා ඉන්න ඇති කියලා හිතෙනවා... මූණ දැකපුවාම. බස්එකේ අයිතිකරු වැරැදි. මේ බස්එකේ ලියාපදිංචිය ඉවත්කරලාලු තියෙන්නේ 2023 එහෙම තියෙද්දී දූවලා තියෙන්නේ .... මියගිය අයට නිවන්සුව ලැබේවා... අනිත් අය ඉක්මණින් සුවපත්වේවා... මොකෝ අර ගැමුණු කියන්නේ දන්නේ නෑ. මේවාට කට අරින්නේ නෑ. මේ වෙලාවේ මගින් ගැන හිතලා ආරක්ෂාවට දාන්න පුළුවන් උපරිමය කරන්න මොලේ පහල වේවා කියලා හිතෙනවා...