
( ඉන්දික අරුණ කුමාර )
මහනුවර සිට ත්රිකුණාමලය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අද (26) පුද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ලංගම බස් රථයේ ගමන් ගත් 12 දෙනෙකු නාලන්ද රෝහලට ඇතුලත් කර ඇතැයි නාඋල පොලිසිය කියයි.
අනතුර නාලන්ද රෝහල අසල දී සිදුවිය. ඇතුලත් කළ රෝගීන්ගෙන් එක් පුද්ගලයෙකු බරපතල තත්වයේ පසුවන බවද රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.
බස් රථ දෙක ගැටීමත් සමග මාර්ගයේ ගමන්ගත් වායුසමනය කළ බස් රථයක්ද ගැටීමට හසුවී ඇති අතර එහි ගමන් ගත් කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd