IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බෝවතැන්න ජලාශය ගොඩවීමේ අවදානමක?

(කාංචන කුමාර ආරියදාස)

හිරු එළියෙන් ක්‍රියාත්මක පෞද්ගලික විදුලි බලාගාරයක ඉදිකිරීම් නිවැරිදිව සිදු නොවීම නිසා කඳු දිය වී බෝවතැන්න ජලාශය රොන්මඩවලින් පිරී විනාශ වීමේ තර්ජනයකට ලක්ව ඇතැයි මහවැලි අධිකාරිය කියයි.

හිරු එළියෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාරයක් ඉදිකිරීම් සඳහා මාතලේ නාලන්ද හපුයාය ප්‍රදේශයේ කඳුගැට මුදුන් හෙළි පෙහෙළි කොට විශාල ගස් කොළන් කපා පුළුස්සා කළුගල් හුණු ගල් කඩා ඉදිකිරීම් ආදි කටයුතු නිසාවෙන් මෙම හානිය සිදුව ඇතැයි ද ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් බෝවතැන්න ජලාශය බාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ කීය.

මේ සම්බන්ධයෙන් අවස්ථාව කීපයකදීම තොරතුරු ලැබුණා.

ලබාදී ඇති උපදේශන ක්‍රියාත්මක නොවී ඔවුන්ගේ හිතුමතේ වැඩ කිරීම නිසා වෙන් කඳුගැට දියවී පාංශු ඛානයකට ලක්ව පස් සියල්ලම බෝවතැන්න ජලාශයට එක්වීම බරපතල තත්වයක්. සතියක් ඇතුළත මෙස තත්වය නිවැරදි කරන ලෙස පෞද්ගලික ආයතනයට දැනුම් දී තිබෙනවා. බෝවතැන්න ජලාශ රක්ෂිතයේ දී අනවසරයෙන් මාර්ග කපා තිබෙනවා. සිදුවන විනාශය සතියක් තුළ නතර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමර්ග නොගන්නේ නම් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුවෙනවා.

 



අදහස් (5)

බෝවතැන්න ජලාශය ගොඩවීමේ අවදානමක?

SAM Wednesday, 29 October 2025 05:12 PM

පරිසරහනි වන ආකාරයට කටයුතුකරන්නා වූ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නැවැත්වීම සුදුසු වේ. පරිසරයට කරතිබෙන්නා වූ හානියට වන්දි ලබාගැනීම කළයුතු වේ.

:       1       16

සමන් - ඕමානයWednesday, 29 October 2025 09:34 PM

විශාල පරිමාන ව්‍යාපෘති (රජයේ වුවත් පෞද්ගලික වුවත්) සඳහා පාරිසරික බලපෑම් පිලිබඳ අධ්‍යයන කිරීම අත්‍යාවශ්‍යයි. මෙය මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියට ඉදිරිපත් කළ යුතුයි. ක්‍රියාත්මක කිරීමේදී පරිසරයට වන හානිය අවම ලෙස පවත්වාගෙන ඉදිකිරීම් කළයුතුයි. මේවා මෙම ව්‍යාපෘතිය සඳහා කළාද? නැතිනම්, ඒ ඇයි?

:       0       2

ගුණරත්න Thursday, 30 October 2025 07:42 AM

සෑම් මහත්තයා මිදුලට ගිහින් උදලු ගෑවත් පරිසර හානියක් වෙනවා, පස නිරාවරණය වෙලා ඊළඟ වැස්සෙන් සොදායනවා. පරිසර හානියක් නොවන ව්‍යාපෘතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ. යන්ත්‍රසූත්‍ර විදුලිය මේ හැම දෙයක්ම ලබාගන්නේ පරිසර හානියක් කරලා.

:       2       3

eresh S kumara Thursday, 30 October 2025 09:01 AM

සූර්ය බල පද්ධති කියන්නෙම Green Project එකක්. එතකොට මේ මෝඩ රැල ගස් කපල සෝලා ගහල හරියනවද

:       1       5

දිමුත් Friday, 31 October 2025 02:10 PM

මේවා නම් සහගහන අපරාධ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site