
(කාංචන කුමාර ආරියදාස)
හිරු එළියෙන් ක්‍රියාත්මක පෞද්ගලික විදුලි බලාගාරයක ඉදිකිරීම් නිවැරිදිව සිදු නොවීම නිසා කඳු දිය වී බෝවතැන්න ජලාශය රොන්මඩවලින් පිරී විනාශ වීමේ තර්ජනයකට ලක්ව ඇතැයි මහවැලි අධිකාරිය කියයි.
හිරු එළියෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාරයක් ඉදිකිරීම් සඳහා මාතලේ නාලන්ද හපුයාය ප්‍රදේශයේ කඳුගැට මුදුන් හෙළි පෙහෙළි කොට විශාල ගස් කොළන් කපා පුළුස්සා කළුගල් හුණු ගල් කඩා ඉදිකිරීම් ආදි කටයුතු නිසාවෙන් මෙම හානිය සිදුව ඇතැයි ද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් බෝවතැන්න ජලාශය බාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ කීය.
මේ සම්බන්ධයෙන් අවස්ථාව කීපයකදීම තොරතුරු ලැබුණා.
ලබාදී ඇති උපදේශන ක්‍රියාත්මක නොවී ඔවුන්ගේ හිතුමතේ වැඩ කිරීම නිසා වෙන් කඳුගැට දියවී පාංශු ඛානයකට ලක්ව පස් සියල්ලම බෝවතැන්න ජලාශයට එක්වීම බරපතල තත්වයක්. සතියක් ඇතුළත මෙස තත්වය නිවැරදි කරන ලෙස පෞද්ගලික ආයතනයට දැනුම් දී තිබෙනවා. බෝවතැන්න ජලාශ රක්ෂිතයේ දී අනවසරයෙන් මාර්ග කපා තිබෙනවා. සිදුවන විනාශය සතියක් තුළ නතර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමර්ග නොගන්නේ නම් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුවෙනවා.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරහනි වන ආකාරයට කටයුතුකරන්නා වූ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නැවැත්වීම සුදුසු වේ. පරිසරයට කරතිබෙන්නා වූ හානියට වන්දි ලබාගැනීම කළයුතු වේ.
සූර්ය බල පද්ධති කියන්නෙම Green Project එකක්. එතකොට මේ මෝඩ රැල ගස් කපල සෝලා ගහල හරියනවද
මේවා නම් සහගහන අපරාධ!