
(අංජුල මහික වීරරත්න සහ හිරාන් ප්‍රියංකර)
විපක්ෂයේ පක්ෂ වලට ආණ්ඩුවක් ගන්න ඕන නම් කළ යුතු එකම දේ " අපිට වඩා හොඳ වීම" යැයි ජනාධිපති අනුර දිසානායක මහතා පුත්තලම ජන රැලියේ දී පැවසීය.
නමුත් ඔවුන් ඉන්නේ ජාතික ජන බලවේගයට වඩා ගව් ගණනක් පිටුපසින් නරක තැනක බව කී ජනාධිපතිවරයා ඉස්සරහට හොඳ වුනොත් ඔවුන්ටත් දිනන්න හැකියාව තිබෙන බව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජන රැළිය පැවැත්විණි.
" හවසට ටී. වී එකේ අඬන පිරිසක් ඉන්නවා. ඒ අය අඬනවා, අපි වැඩ කරනවා. ජනතාව ඉන්නේ අපි එක්ක.ආණ්ඩුවේ අපි වැඩ කරන විදියට ඒ අයගේ ජීවිත කාලයටම ආපහු ආණ්ඩුවක් ලැබෙන එකක් නෑ යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

COMMENTS
ඕගොල්ලෝ වැඩ කරනවා, ඒ අය අඬනවා. ඒ අයට රෙදි නැතිව කඩේ යන කට්ටියට මෙතන හොසේට වැළලෙනවා.
අයියෝ ඕක ඔච්චර අමාරු පාඩමක් නෙවෙයි පුළුවන් තරම් බොරු වපුරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්න ඕනෑම පක්ෂයකට අපේ රටේ ඉන්න මෝඩයෝ අන්දලා බලය ගන්න පුළුවනි.
අපිට වඩා හොඳට බොරුව කියන්න පුළුවන් වීම තමයි දිනන ක්‍රමය. ඒකනේ කියන්නේ – විශ්‍රාම ගිය දවසක බියුටි සෑලූන් එකක් දාගන්න පුළුවන් කට්ටිය අඬ අඬා ඉන්නවා. කයිවාරුයි, පච කියන එකයි, ඇරෙන්ඩ වෙන දෙයක් දන්නේ නෑ නේ.
ජයවේවා මහජනයාගේ ජනාධිපති තුමනි, තමන් ඉස්මතු වීමට දඟලන පුද්ගල වාදය ,මත කටයුතු කරන විපක්ෂයට ඒ ගැන සිතීමටවත් නොහැක.
පච කීමට ලැජ්ජාවක් නොමැති වීම බලය ගැනීමට ඇති එකම මග යයි සිතන්නෝ ද වෙති. පචයට පැවැතීමක් නැත. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෙෙරය සමාජගත කරන්නන්ට සමාජයෙන්ම පොළී සමගම පිළිතුරු ලැබෙනු ඇත... ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නන් තවමත් සිටීම රටේ වාසනාවකි. එය අවතක්සේරු නොකර කට රැක ගැනීම වටී...!
අපේ රටේ පසුගිය වසර 10 තුළ පත්වුන ආණ්ඩුවලට තිබුණු ප්‍රශ්නේ බලේ ගන්න එක නොවේ.. බලේ ගත්තාට පස්සේ ඒක රැකගන්න එක...!
පසුගිය කාලේ බලයට පත්වුණු ආණ්ඩුවලට බලේ ලැබුණාට පස්සේ මොලේ නැතිවෙන රෝග ලක්ෂණ උපරිමයෙන් දකින්න ලැබුණා...
අවුරුදු 76 මේ රට උලාකාපු අයට ඕවා තේරෙන්නේ නැහැ. කරලා තියන එකම රාජ්‍යකාරිය තමයි දූෂණය, නාස්තිය, හොරකම, ජාතිවාදය. එහෙම කට්ටියට කවදාවත්ම නැවත මේ රටේ ජනතාව බලය දෙන්නේ නැහැ. මැයි මස 6 වෙනිදා නැවත වතාවක් NPP එක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඡයවේවා...!
පුළුවන් තරම් පච ඇද බාලා මිනිස්සු අවුස්සලා අවුල් කරලා රට ගිනි තියලා කිසිම වැඩක් කරන්න නොදී බලය අරගෙන වැඩක් නැහැ ජනාධිපතිතුමා. තමුන්නාන්සේ බොරුකාරයෙක් කියල ඕනෑම මිනිහෙක් මූණටම කියාවි. එහෙම පිරිහිලා ඇති වැඩක් නැහැ...
අපිට වඩා හොඳට බොරු කියන්න කියලා කියන්නේ. මෙලොව කිසිම කෙනෙක් මෙයාලාට වඩා කෙප්ප ඇදබාන්න බැරි බව ලොක්කත් දන්නවා.