
කඩා වැටුණු ඉන්දීය ගුවන් යානයේ සිට මියගිය මගීන් සම්බන්ධ පුවත් සහ අවසන් මොහොතේ ඔවුන් ගත් ඡායාරූ, වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත.
ගුවනා යානය අවසන් වරට ගුවන්ගත වන අයුරු, එය කඩා වැටී පිපිරීම් දුම්වලා නැගෙන අයුරු, යානය කඩා වැටී වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරය දෙදරා විනාශ වන හැටි දැක්වෙන ආරක්ෂක නැමරා වීඩියෝ දසුන් ද මේ වනවිට ප්‍රසිද්ධිය පත් වූයේ අහමදාබාද් ගුවන් අනතුර ලොව සිදු වූ තවත් බිහිසුණුම ගුවන් අනතුරක් ලෙස කදුළු මතකයක් ලෝක ඉතිහාසයට එක් කරමිණි.
ගුවන් යානයේ ගමන් කළ රතික් ජෝෂිගේ පවුලට අත්වූ ඉරණම මේ වනවිට ලොව වඩාත් කම්පාවන කරුණක් වී ඇත.
මෘදුකාංග ක්ෂේත්‍රයේ විශේෂඥයකු වූ ආචාර්ය ජෝෂි, වසර 6 ක් පුරා ජීවත් වූයේ ලන්ඩනයේ යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඔහු තම දරු තිදෙනා ඇතුළු සිය පවුලට ලන්ඩනයේ සැපවත් ජීවිතයක් ළඟා කර දීම ඔහුගේ එකම සිහිනය විය. ඔහු උත්සාහවන්ත පියකු වුවත් ඔහුගේ සිහිනය බොඳව ගිය බව පැවැසෙයි.
වසර 6 ක මහන්සියේ ප්‍රතිඵලය වූයේ ජෝෂිට ඔහුගේ බිරිඳ සහ දරු පවුල ලන්ඩනයට රැගෙන යෑමට හැකියාව උදා වීමය. ඒ අනුව, ඉන්දීය වෛද්‍යවරයකු වූ බිරිඳ සහ දරුවන් කැටුව ලන්ඩන් ගොස් අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට ජෝෂි ඉන්දියාවට පැමිණි අතර, ජෝෂි බිරිඳ සහ දරුවන් ආපසු ලන්ඩන් බලා යෑමට ගොඩවී සිටියේ මෙම බෝයිං 787-8 ඩී්‍රම්ලයිනර් ගුවන් යානයටය. ජෝෂිගේ බිරිඳ උදයිපූර් නුවර පැසිෆික් රෝහලේ වෛද්‍යවරියක ලෙස කටයුතු කර තිබූ අතර, දින දෙකකට පෙර සිය රැකියාවෙන් ඉල්ලා අස්වූයේ ලන්ඩන් යෑමේ අපේක්ෂාවෙනි.
ජෝෂි පසහ බිරිඳගේ දරු තිදෙනාගෙන් පිරිමි දරුවන් වයස අවුරුදු පහක නිවුන් දරුවන් වූ අතර, දියණිය 8 හැවිරිදි වියේ පසු වූවාය. ජෝෂි, අවසන් වරට බිරිඳ සහ දරුවන් සමඟ ලබා ගත් සෙල්ෆි ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබුණි. ජෝෂි පවුල ලොව පුරා රටවල් රැසක සංචාරය කර තිබෙන අතර, ඒ අතර ශ්‍රී ලංකාවටද වරක් පැමිණ ඇතැයි පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බලාපොරොත්තු පොදිබැඳන් ලන්ඩන් යන්න ගිය රතික් ජෝෂිගේ පවුල
රනේ Friday, 13 June 2025 01:52 PM
ජීවිතය අනියතය..
Shantha - Qatar Friday, 13 June 2025 01:55 PM
සංසාරික බැඳීම් , එකටම සමුගෙන යන්න පැමිණි මව් පියන් සහ දූ දරුවන් — කුමන ජාතියක හෝ වෙව්වා , අජරාමර නිවන්සුව අත්වේවා!"සියලු දෙනාටම
randil dunuwille Friday, 13 June 2025 03:54 PM
බුදුන් උපන් දේශයේ ඔවුන් සසර ගමන නිවනින් සැනසේවා.
විජය කුමාර් Friday, 13 June 2025 04:22 PM
ප්‍රතීක් ජෝෂි රෝයල් ඩර්බි හොස්පිට්ල් එකේ විකිරණවේදියකු විදිහටයි වැඩ කළේ. මෘදුකාංග විශේෂඥයෙක් නොවෙයි...