IMG-LOGO

බලපත්‍රයක් නැතිව අධිවේගීයේ මගීන් ඇද්ද බස් 4ක් අල්ලයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ යොහාන් බාසුර)

කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරන මුවාවෙන්  අධිවේගී මාර්ගය හරහා සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කළ  පෞද්ගලික බස්රථ හතරකට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පියවර ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා ශ්‍රී ලංකා  පොලීසිය  එක්ව අද (03) කොට්ටාව අධිවේගී පිවිසුමේ දී සිදුකළ වැටලීමකින්    මෙම  පියවර ගත් බව පොලිසිය කියයි .

අධිවේගී මාර්ගයේ මගීන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රලාභී බස්රථ තිබියදී අනවසරයෙන් කාර්යාල ප්‍රවාහන  බස් රථවළ මගීන් ප්‍රවාහනය කරන බවට  බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ට ලද  පැමිණිලි වලට අනුව පොලීසිය හා එක්ව මෙම වැටලීම සිදු කළ බව  පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති  ප්‍රසන්න සංජීව මහතා පැවසීය.

ඒ අනුව  අද (03) උදෑසන 06 සිට අධිවේගී මාර්ගයෙන් පැමිණ කොට්ටාව පිවිසුමෙන් කොළඹ දෙසට පිටවන බස්රථ මෙසේ පරීක්ෂාවට ලක් කෙරිණි .

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන  අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා මහතාගේ හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) රත්නායක මහතාගේ උපදෙස් මත කළුතර ප්‍රාදේශීය කළමනාකරු ප්‍රසන්න විජය වර්ණසූරිය මහතාගේ මෙහෙයවීමෙන්  මාර්ග පරීක්ෂක නිලධාරීන්  මෙම වැටලීම සිදු කෙරිණි.

අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි මයුර පෙරේරා මහතාගේ හා  සහකාර පොලිස් අධිකාරී වසන්ත කෝරළගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර මහතාගේ හා කොට්ටාව අධිවේගී  අන්තර් හුවමාරු  පොලිස්  ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ප්‍රේමලාල් , කහතුඩුව අන්තර් හුවමාරු පොලිස් ඒකකයේ   ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලුත්ගෙදර  මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ලලිත්, පො.සැ (36936) කසුන් , පො.කො (81714)නුවන් ඇතුළු නිලධාරීහු වැටලීම  සිදු කොට ඉදිරි නීතිමය පියවර ගනු ලැබේ.



අදහස් (0)

බලපත්‍රයක් නැතිව අධිවේගීයේ මගීන් ඇද්ද බස් 4ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 293 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 469 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 190 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site