(ප්‍රින්ස් රත්නායක)
බළන්ගොඩ මූළික රෝහලේ දැඩිසත්කාර ඒකකය වසා දැමීම පියවර ගෙන ඇත.
ප්‍රමාණවත් වෛද්‍යවරු නොමැති වීමෙන් මෙම තත්වය උද්ගතවඇති ඇතැයි වෛද්‍ය අධීකාරී වෛද්‍ය බී. එම්. එස් දසනායක මහතා සඳහන් කළේය.
පසුගිය 17 වැනිදා සිට මෙම තීරණය ගෙන ඇත.
බළන්ගොඩ මූළික රෝහලේ වෘත්තීය සංගම් එකමුතුව ද දැඩිසත්කාර ඒකකයවසා දැමීමට විරෝධය පා සෞඛ්‍යය අධ්යක්ෂවරයා වෙත ලිඛිතව දන්වා ඇත.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය , රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ,රජයේ වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන්ගේ සංගමය එක්ව සිය විරෝධය පාමින් සෞඛ්‍ය අධ්යක්ෂවරයා වෙත දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මහා රෝහල් වල ඕ.පී. ඩී වල සීනියර් වීම නිසා අවශ්‍ය ප්‍රමාණයට වැඩිය ඉන්න ගැහැණු දොස්තරලා ටික රොස්ටර් එකක් දාල ටිකක් වැඩියෙන් දීමනාවක් ගෙවලා දැම්මනම් හරි. හැබැයි දැන් සෑහෙන්න මොට්ට වෙලා.. අලුතෙන් ට්‍රේන් කරලා ගන්න වෙයි. නැත්නම් මලාට ඔය ප්රශ්නය විසඳන්න බෑ. අනික මෑතක ඉඳන් රෝහල් විශාල ප්‍රමාණයකට දැඩි සත්කාර ඒකක අලුතෙන් පටන් අරගෙන තියෙනවා. ඒ නිසා තමයි මේ ප්රශ්නය...
රාජිත ගොයිය දැක්කද මන්ද මේ විස්තරේ?
මේවා සහගහන අපරාධ. මේවට වියදම් කල කෝටි ගණන් මුදල් කාබාසිනියා කරන්න දඟලන වෑයමක්.... බලධාරීන් කොතරම් පුරසාරම් දෙඩුවත් සත්‍යය තත්වය තමා මෙයින් පැහැදිලි වෙන්නේ... ඕනෙම දෙයක් නැති කරන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ. නමුත් ඇති කරන්න කොතරම් දේවල් වුවමනාද? අපේ මීහරක් මන්ත්‍රීවරුන්ට මේ දේවල් නොතේරෙන එක ගැන අපි ලජ්ජා වෙන්න ඕනේ. ඡන්දය ඉල්ලන්න එන කොට පුන්නක්කු වලින් ගහන්න නැතිනම් පුන්නක්කු කවන්න ඕනේ...