
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බාල වයස්කාර දැරියන් තිදෙනාට බරපතළ ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සාමාජිකයෙකු යයි කියාගන්නා පුද්ගලයෙක් අද ( 8 ) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි .
වයස අවුරුදු 6, 9 හා 12 පසුවන දැරියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත .
සැකකාර හමුදා සාමාජික සැමියා සමඟ අමනාපව බිරිඳ දරු තිදෙනා සමඟ මහියංගනයේ මහගෙදර නිවසට මීට මාස කීපයකට පෙර ගොස් සිටියදී එම දැරියන් හොඳින් බලාගන්නා බව මයියංගනය පොලීසියට පවසා සැකකරු දැරියන් වැලිපැන්නෙ මීගම ප්‍රදේශයේ නිවස වෙත රැගෙනවිත් තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවූ බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්නවලදී පොඩි දරුවන් මෙවැනි අතවර වලට මුහුණ දෙන අවස්ථා බොහෝමයක් අපි අහනවා, දකිනවා. මම හිතන්නේ මේ සිදුවීමට සම්බන්ධ පොලිසියත් මේකට වගකියන්න ඕනේ. මෙතන අනිවාර්යයෙන් පගාවක් අරගෙන තියෙනවා.
අහිංසක දරුවන් අපයෝජන කරන හමුදා සාමාජිකයන් ගණන එන්න එන්නම වැඩි වෙනවා. ඒ ගාණත් නිවැරදි නැහැ. හේතුව මෙවන් අපරාධවලින් වාර්තා වෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් නිසා. හොඳම උදාහරණය තමාගේම අවුරුදු 5, 8, 13 දියණියන් තුන් දෙනා සහ අනිත් බාල වයස්කාර පුතාව කාලයක් තිස්සේ අපයෝජනය කළ හමුදාවේ සේවය කරන තමන්ගේ ස්වාමියා ගැන පොලිසියට පැමිණිලි කරන්න බයවෙච්ච අම්මා කෙනෙක් ගැන කතාව. ඒකෙත් විත්තිකාරයාට ඇප ලැබුණද දන්නේ නැහැ. හමුදාවේ විනය ගැන 2015 ඉඳන් මමත් මහා ඉහළින් කතාකරලා තියනවා. යුද්ධය කාලේ ඔවුන් කළා කිව්ව ස්ත්‍රී දූෂණ චෝදනා, ප්‍රබන්ධ කියලා මම ඉංග්‍රීසි වෙබ්අඩවි වලට ලිව්වේ, දෙමළ ජාතික කොමෙන්ට් ලියන්නන් එක්ක දිගටම වාද කරලා ඒ චෝදනා හමුදාවේ යුද ජයග්‍රහණය ඉවසා ගන්න බැරුව කරන බොරු චෝදනා කියලා කිව්වේ, ඒ කාලේ මේ විදිහට හයක් හතරක් නොදන්නා දරුවන්, තමන්ගේම දරුවන් පවා අපයෝජනය කල හමුදා සාමාජිකයන් ගැන මම කවදාවත් අහලා නොතිබ්බ නිසා. තවදුරටත් මට කලින් වගේ යුද්ධය කාලේ ඔවුන් ගැන තියෙන චෝදනා, බොරු ප්‍රබන්ධ කියලා හිතට එකඟව කියන්න බැහැ. හමුදා පාලකයෙක් ඉන්න රටක හමුදා විනය මේ තරමට පිරිහුනේ කොහොමද කියලා කවුරු හරි මටත් පැහැදිලි කරලා දෙන්න...
මේ හමුදා සාමාජිකයාට කුඩා දරුවන් බාරදුන්නු පොලිසියේ නිලධාරින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. රටේ සිද්ද වෙන දේවල් ගැන පොලිසියටම අවබෝධයක් නැතිබව කණගාටුවෙන් කියන්න ඕනේ... කුඩා දරුවන්ට තමන්ගේම ගෙදරත් පාසලත්, මහමඟත් අනාරක්ෂිත ඉතාම අරාජික කාලයක් දැන් තියෙන්නේ...
මේවා රණවිරුවන්ට මඩ ගහන්න කියන කතා. අපේ විරුවෝ යාපනේදීවත් ගැහැණු ළමයි දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ...