IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බාල බෙහෙත් සිද්ධියේ විමර්ශනවල ප්‍රගිතය අධිකරණය ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ  සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය ලබන 12 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය රහස් පොලිසියට නියම කළය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් ලබන 12 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියම කළාය.
එසේ රිමාන්ඩ් බාරයට පත් කළේ අදාළව බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රිියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගතවී), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී) සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නමැත්තන් රිමාන්ඩ් බාරයට පත් කොට සිටී.

අද නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය ලබන 12 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ එදින දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා සිටින සැකකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළාය.



අදහස් (2)

බාල බෙහෙත් සිද්ධියේ විමර්ශනවල ප්‍රගිතය අධිකරණය ඉල්ලයි

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 29 June 2024 04:27 AM

චෝදනා ඔප්පු කරන තුරු කිසිවෙක් වරදකරු නොවන බවද , දඩුවම් නොලැබිය යුතු බවද දනිමි. එහෙත් මෙතෙක් සිදුවුයේ සැකකරු බලය හා ධනය හිමි කෙනෙක් නම් ඒ පුද්ගලයා විෂේශ වරප්‍රසාද ලැබීමයි. එහෙත් මේ ගරු විනිශ්චයකාර තුමිය නීතිය ඉදිරියේ සැවොම සමාන බවත් , එතුමියගේ අපක්ෂපාතිබවත් මේ නඩුවේදී මනාව ඔප්පු කර ඇත. ගරු විනිසුරු තුමියනි ඔබට මම සිරස නවා ප්‍රණාමය පුද කරමි.

:       0       0

Pradeep Kumara Saturday, 29 June 2024 10:04 AM

රටේ බොහෝ දෙනෙක් මෙය සුළු කොට තැකූවද ඇත්තෙන්ම මෙය ඉතා බරපතල වරදකි. මිනිස් ජීවිත හිතාමතාම බිල්ලට ගැනීම කිසිඳු අයුරකින් සමාව දිය නොහැකි අපරාධයකි. එබැවින් මෙම චූදිතයින් වැරැදි කරුවන් වුවහොත් (මේ වනවිටත් වැරදිකරුවන් බව සනාථ වී ඇත) ඔවුන්ට මරණ දඬුවම පැමිණ වීම ඉතාමත් යෝග්‍ය බව කියමි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site