(මනෝප්‍රිය ගුණසේකර සහ ඉන්දිකා රාමනායක)
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන මඟින් ලංකාවට ගෙන ඒමට සම්බන්ධ සියළු දෙනා මෙන්ම එලෙස ගෙන්නු ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් දිවයින පුරා රජයේ රෝහල්වලට බෙදා හැරීමට සම්බන්ධ සියළු දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (13) රහස් පොලිසියට නියම කළාය.
අපරාධයට සම්බන්ධ සියළු දෙනාට රටින් පිටව යෑම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය සියළු සැකකරුවන් ලබන 16 වැනිදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස රහස් පොලිසියට වැඩිදුරටත් නියම කළාය.
සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
මෙම පැමිණීල්ල සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී මෙම අපරාධයට සම්බන්ධ තොරතුරු හෙළී වු බවත් සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් අතත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරන බවත් දැනුම් දුන් නිලධාරීහු මෙයට සම්බන්ධ සැකකරුවන් විදේශගත වීමට හැකියාව ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ.
ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙනන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය සි්ද්ධියට අදාළ පැමිණීල්ල ලබන 16 වැනිදා යළි කැඳවීඹටද නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට දැනගන්න නම් ටික ප්‍රසිද්ධ කරන්න. නැතිනම් සමාජ මාධ්‍ය බොරුත් එක්ක පලකරයි...
පෞද්ගලිකව ෆාමසි වලින් බෙහෙත් ගන්න අයට බාල බෙහෙත් ගැන අවබෝධයක් නැහැ. රටට ගෙන්වා ඇති බාල බෙහෙත්වල නම් ප්‍රසිද්ද කරන්න. එවිට අපිට ඒ බෙහෙත් ගැනීමෙන් වළකින්න පුළුවන්. ජීවිතයක් නැතිවෙනතුරු බලා ඉන්න එපා. එකම "ජෙනරික්" නම තිබෙන බෙහෙත් අඩු සහ වැඩි ගණන් වලට විකුණන්න තිබෙනවා. මිල අඩු බෙහෙත් බාල නිසාද කියා මිනිස්සු දන්නේ නැහැ. නමුත් ලාභ නිසා මිනිස්සු ගන්නවා. බෙහෙත් වල බාලකම ගැන ෆාමසි කාරයින් කියන්නේ නැහැ...!