IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බාල බෙහෙත් කෝටි 15ක් වතුරේ යවලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ඖෂධ කල් ඉකුත්වීම  සහ  හානිවූ ඖෂධ  හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට  2022 වර්ෂයේදී   රුපියල් කෝටි 15 කට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අනුව තත්වයෙන් අසමත් ඖෂධවල වටිනාකම සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමටත් ඖෂධ කල් ඉකුත්වීමට හේතු සොයා බලා පිළියම් යෙදීමටත් එම  මුදල් අදාළ පාර්ශවයන්ගෙන් අයකර ගැනීමටත්  කටයුතු කළ යුතු බව එම කාර්යාලය  ඖෂධ සංස්ථාවේ පාලනාධිකාරියට නිර්දේශ කර ඇත.

සංස්ථාවේ අලෙවිය සඳහා මිලදී ගෙන තිබියදී 2022 දෙසැම්බර් 31 දිනට තත්වයෙන් අසමත්වූ කල් ඉකුත්වූ සහ හානිවූ ඖෂධවල මුලු  වටිනාකම  රුපියල් කෝටි 34 ඉක්මවන බවද  එම වාර්තාවේ දැක්වේ.

පසුගිය  වර්ෂයේදී  පමණක් තත්වයෙන් අසමත් කල් ඉකුත්වූ සහ හානිවූ ඖෂධවල මුළු වටිනාකම රුපියල් කෝටි 6 ක් බවද වාර්තාව සඳහන් කරයි.

මේ අතර වෛද්‍ය සැපයුම් අංශය 2022 වර්ෂය සඳහා මිලදීගෙන තිබූ තොග අතරින් රුපියල් කෝටි විසි හයකට වැඩි වටිනාකමින් යුතු ඖෂධ වර්ග 19 තත්වයෙන් අසමත්වී තිබූ බව පවසන විගණන කාර්යාලය  ඉන්  ඖෂධ 11 සඳහා හරපත් නිකුත් කර තිබුණද  ඊට අදාළ රුපියල් කෝටි 14ක මුදලක් සැපයුම්කරුවන්ගෙන් අය කරගෙන නොතිබූ බවද  සඳහන් කරයි.

තවද වෛද්‍ය සැපයුම් අංශයට තත්වයෙන් අසමත් හා හානිවූ ඖෂධ සපයා තිබීම වෙනුවෙන් දරන ලද පිරිවැය පරිපාලන ගාස්තු සහ එම  තොග විනාශ කිරීමේ වියදම් සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට 2022 දෙසැම්බර් 31 වනවිට නිකුත් කර තිබූ රුපියල් කෝටි 340 කට වැඩි වටිනා හරපත් සඳහා රුපියල් කෝටි 152ක් විගණිත  දිනය වනවිටත් අයකරගැනීමට සංස්ථාව අපොහොසත්ව තිබුණු බව වාර්තාවේ දැක්වේ.

පසුගිය 2022 දෙසැම්බර් 31 දිනට අසාදු ලේඛන ගත කර සිටි  සැපයුම්කරුවන්ගෙන් අය කර ගත යුතුව තිබූ රුපියල් කෝටි 30 කට වැඩි මුදලක්ද  අය කර ගැනීම අවිනිශ්චිත තත්වයක පැවතුණ බව වාර්තාව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විගණනයට  අදහස් දක්වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පාලනාධිකාරිය පවසන්නේ  හරපත්  වටිනාකම  ලෙස පැවතුණු  රුපියල් කෝටි පහකට වැඩි මුදලක් සැපයුම්කරුවන්ගෙන් අයකර ගෙන ඇති බවයි.

ගෙවීම පැහැර හැරීම නිසා රුපියල් කෝටි හැට නවයක පාඩුවකට  අදාල  සැපයුම්කරුවන් අසාදු ලේඛන ගත කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරගෙන යන බවද සංස්ථාව විගණන  නිලධාරීන්ට පවසා ඇත.



අදහස් (3)

බාල බෙහෙත් කෝටි 15ක් වතුරේ යවලා

කමල් Friday, 13 October 2023 04:07 PM

වගකිව යුතු නිලධාරීන්ට දඬුවම් දිය යුතුයි. විගණන පනතේ ප්‍රතිපාදන තියෙනවනේ එහෙම කරන්න...

:       0       2

Rata Perata Friday, 13 October 2023 04:18 PM

කෙහෙළියගේ විශ්වාස භංගයට පක්ෂව අත් උස්සපු අයට පැත්ත පළාතේ එන්න දෙන්න එපා. පේනවා නේද අකාර්යක්ෂම කමේ ප්‍රමාණය...!

:       0       4

prabash Saturday, 14 October 2023 06:23 PM

දෙයියනේ... මේ අපි රට ඉඳලා එවන සල්ලි නේද මේ අය නාස්ති කරන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site