IMG-LOGO

බාල බඩු 112 ක් ’’මාර්කට්ටුවට’’ ගිහින්

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රමිතියෙන් තොර බවට තහවුරුවූ ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 112 ක් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳ පොළට නිකුත්වී තිබිණැයි  ජාතික විගණන කාර්යාලයේ විශේෂ  වාර්තාවක සඳහන් වේ.

මේ භාණ්ඩ නියමිත ප්‍රමිතියෙන් හා පිරිවිතරයන්ගෙන් තොර බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කළ පරීක්ෂණවලදී  තහවුරුවී තිබියදී   ඒවා තහනමට ගෙන රඳවා  තබා ගැනීමට  කටයුතු  කර නැතැයි තොරතුරු අනාවරණයවූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම සාම්පල 112 නියමිත ප්‍රමිතියෙන් තොර බව තහවුරුවී ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය  සාම්පල 299ක් සම්බන්ධයෙන් 2020 වර්ෂයේදී   පැවැත්වූ පරීක්ෂණයකදීය.

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිලධාරීන් කළ විමසුමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධානීන්  පවසා ඇත්තේ නියැදි පරීක්ෂාවන්ගෙන්  අහිතකර  ප්‍රතිඵල ලැබුණත් එම භාණ්ඩ තොග රඳවා ගැනීමට හෝ තහනමට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතෙන් ප්‍රතිපාදන සැලසී නැති බවයි.

මේ අතර රසායනාගාර  පරීක්ෂණ සඳහා මිල පාලනයක් ඇති කර තිබුණද එහි ප්‍රතිඵල  පාරිභෝගිකයා අතරට ගිය බවට සමීක්ෂණ කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය  කිසිදු වැටලීමක් කර නැතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

එම මිල පාලනය ඇති කරනු ලැබ  තිබුණේ 2020 ජුලි  29 දිනැති අංක  2186/17 දරණ ගැසට් පත්‍රය මගිනි.



අදහස් (3)

බාල බඩු 112 ක් ’’මාර්කට්ටුවට’’ ගිහින්

Bamunuarachchi Saturday, 12 March 2022 12:26 PM

මේ බඩු ඔහෙලා තහනම් කරන්න එපා.. වෙනරටවල වගේ බඩුවල නම් කියන්න.. එතකොට ජනතාව තහනම දාගනීවි. එසේ නොකිරීමෙන් ඔබලා බාලබඩු වලට රටේ තැනක් දී රජයේ අනුග්‍රහය යටතේ ජනතාව අමාරුවේ හෙළයි...

:       1       8

චන්දන Saturday, 12 March 2022 02:58 PM

මේවා තහනම් කරලා වෙළඳ පොලෙන් ඉවත් කළොත් අත යට ගාන නැතිවෙනවා...!

:       0       6

Lalith M Saturday, 12 March 2022 08:11 PM

නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න. කිසිම තහනමක් පැනවීමට අවශ්‍ය නෑ. තහනම පගාවට යටයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 128 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site