(යොහාන් භාසුර)
රටේ මහජනතාව සිය පරමාධිපත්‍ය බලය මහ පාරට ගෙනාවම තන්හාව සහ බල පෙරේතකමට බලය බදාගෙන හිටිය පුද්ගලයන්ට අතහැරීමට සිදුව ඇති බවත් 69 ලක්‍ෂයේ ජනවරම දිහා විවෘතව සහ අවංකව නොබලා ජනවරම වැරදියට අර්ථකතනය කර එය පවුල් දේශපාලනයට ලැබුණු වරම් ලෙස සැළකූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (4) පැවසීය.
වගකිව යුතු දේශපාලන පක්‍ෂ සහ බලවේග සියලු දෙනාට මේ තකතීරු පාලනය වෙනුවට අන්තර්කාලීන දැයහිතකාමී පාලනයක් පිහිටුවා ඒ පාලන මගින් මේ අටේ ආර්ථික මුහුණදී සිටින බරපතන ඛේදවාචක තත්වය වෙනස් කිරීමේ වගකීමක් ඇති බව කී විමල් වීරවංශ මහතා දේශපාලන අස්ථාවරභාවය නැති කර මේ රටට නිරෝගීව හුස්ම ගන්න තත්වයට ගෙන ආ යුතු බව ද සඳහන් කළේය.
රට හොඳ තත්වයකට ගෙන පොදු ජනතාවට අභිමත පාලනයක් නිර්මාණය කරගැනීම සඳහා අවස්ථාව සළසා දීම සියලු දෙනාගේ වගකීම බව ද වීරවංශ මහතා වැඩි දුරටත් කීය.
ආණ්ඩුවේ පක්‍ෂ 11 සන්ධානය සහ වෘත්තීය සමිති නායකයන් බොරැල්ලේ පිහිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී අද (4) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘‘බල පෙරේතයන්ට දාලායන්න වෙලා‘‘
ajith Monday, 04 April 2022 07:11 PM
බල පෙරේතයන්ට දාලායන්න වෙලා elita giya පෙරේතයන්ට nawatha balayata enna dadi wehesak gannawaa.
ජනක Monday, 04 April 2022 07:15 PM
මල පෙරේතයෙක් කියන්නෙ.
Sarath Silva Monday, 04 April 2022 07:34 PM
තොපිලත් මේ තත්වයට වගකිව යුතුයි. තොපිත් මේ කාලකන්නි ගේන් බොරු ගෙතුවා. තොපිලත් බල පෙරේතයෝ. ලි ක්වන් යු සහ මහතීර් මොහොමඩ් එක්කම තොපිලත් තොලොංචි වෙලා පලයල්ලා.
කිරි පුතා Monday, 04 April 2022 08:35 PM
රට අරාජිකවන තුරු කණ්ඩායම් දෙකක් ඇඟිලි ගණිනවා. ඒ නිසා රට එතැනට නොගෙන කවුරු කවුරු හරි කමක් නෑ තම මව් බිමට ආදරෙන් මේ තියෙන ප්‍රශ්න වලින් රට ගොඩට ගත යුතුයි . අපට තියෙන්නෙ ඔය රට විතරයි
Jagath Monday, 04 April 2022 08:52 PM
මෙයාට හරියට බල තණ්හාවක් නෑ වගේ.ජේවීපී එකේ හිටපු එකා ගෙම්බෙක් වගේ පැනල,බලයක් අරගෙන ළඟා කර ගත්තු සැප සම්පත් ටික ගැන ජනතාව නොදන්නවා නොවේ.
Saman Monday, 04 April 2022 09:26 PM
ඔබ තුමා නෙරපන්න කලින් හිටියෙත් ඒ ගොඞේම තමයි.
ලක්සිරි පැරිස් Monday, 04 April 2022 11:30 PM
තමාත් එවාගේම තමයි ගොයියෝ
chandra Tuesday, 05 April 2022 01:05 AM
හිනා හිනා තවත් වෙන්න හිනා
Pane ako Tuesday, 05 April 2022 02:29 AM
මෙච්චර කාලයක් ඔවුන් එක්ක එකතු වෙලා රටටම කෙළ ලා, දැන් ඔයා බාබා ද.. පරය.... භයට චූ ගිහින් තවත් නාට්ටි යක් රගලා අර namola යව සුද්ද කරලා ගෙන්න th බලලා, දැන් වරදින කොට මරු කියවනවා.. උඹත් රට කාපු සෙට් එකේ එකෙක්.
MO77 Tuesday, 05 April 2022 07:26 AM
උඹ තමයි කිව්වේ මහතිර් මොහොමඩ් ලී ක්වාන් යූ දෙකම තියෙන නායකයෝ කියලා. යකෝ මිනිස්සු සමහර දැනගෙන හිටියා මුන් පල්හොරු කියලා. නිසි අධ්‍යාපනයක් නැති උද්දච්ච මෝඩයෝ. උඹ මේවට වගකියන්න ඕන. උඹත් අධ්‍යාපනයක් නැති නූගතෙක්.
අප්පුහාමි Tuesday, 05 April 2022 08:07 AM
අන්තර් වාර පාලනය කියන්නෙ රාජපක්ෂලා සදාකාලිකවම රජවරු කිරීමට උපක්‍රමයක් කියන්නෙ පුළුවන් මොකද අන්තර් වාරය කුජීතම වුනාම මුන්ට වඩා රාජපක්ෂලා දහස් ගුණයක් හොදයි කියල උන්ට නැවතත් බලය දෙන්න වැඩක් කියලයි අපිට පේන්නෙ
නිමල්ක Tuesday, 05 April 2022 08:43 AM
ජවිපෙන් පෝෂණය වෙලා ජවිපෙ එක්ක වෛර බැඳ ගත්ත. රාජපක්ෂලාගෙන් පෝෂණය වෙලා ඔවුන් එක්ක වෛර බැඳ ගත්ත. ඊළඟට ??