(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බාල ගල් අඟුරු සැපයූ සමාගම් වලට ගෙවීම් නොකර සිටීමට දැනටමත් රජය කෝටි 960ක් රඳවාගෙන තිබෙන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීම නිසා සිදුවූ පාඩුව අය කර ගැනීමට නිවැරදි පියවර අනුගමනය කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.
"සපයන ලද ගල් අඟුරු වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී තිබෙනවා.ගල් අඟුරු වල ප්‍රමිතිය බාල වීම සිදුවී තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට නොවේ.ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙනා විට ගත හැකි ක්‍රියාමාර්ග විගණකාධිපති වාර්තාවේ සඳහන්ව තිබෙනවා.අතීතයේ බාල ගල් අඟුරු ගෙන්වූ සමහර අවස්ථාවලදී දඩ මුදල් අය කරගෙන ඇති අතර සමහර අවස්ථාවලදී එසේ කර නැහැ.අපත් ගිවිසුම් ප්‍රකාරව එම දඩ මුදල් අයකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා යැයි අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඕක වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති කියන්නේ? ඕක කියන්න ඕනේ විෂය භාර ඇමැති නේද?