(තුසිත කුමාර ද සිල්වා)
බේරුවලින් ධීවර රැකියාවට පිටත්ව ගිය , වෙනිකපුතා, බහුදින යාත්‍රාවෙ ගමන්ගත් ධීවරයන් පිරිස අතරින් අයකු බේරුවලට මුහුදු සැතපුම් 106 දුරදී හදිසි අසනීප තත්ත්වයකින් මියගොස් ඇතැයි යාත්‍රා හිමිකරු බේරුවල පොලිසියට පැමිණිලි කර තිබෙන බව බේරුවල පොලිසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ පාදුක්කගේ නිහාල් ජෝසප් පෙරේරා (58) නැමැති විවාහක ධීවර කාර්මිකයකු බව පොලිසිය කියයි.
බේරුවල ප්‍රදේශයෙන් පස් දෙනෙකුගේ කණ්ඩායමක් සමග ඉකුත් නොවැම්බර් 24වන දින ධීවර රැකියාවට ගොස් සිටියදී එම බහුදින යාත්‍රාවල මත්ස අස්වැන්න රැගෙන නැවත ගොඩ බිම බලා පැමිණෙමින් සිටයදී අසනීප තත්ත්වයක් හේතුවෙන් ඖෂධ මාත්‍රා ලබාගෙන ඇතැත් ධීවරයා යාත්‍රාව තුළ මියගොස් ඇති අතර ඒ බව යාත්‍රා හිමිකරු මගින් බේරුවල පොලීසියට පැමිණිලි කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd