
(තුසිත කුමාරදසිල්වා)
බේරුවල ප්‍රාදේශීය ලේකම් ජානක පෙරේරා මහතා ගමන් ගත් නිල රථය අද (12) පස්වරුවේ බේරුවල මංගලාරාම විහාරස්ථ දුම්රිය හරස් මාර්ගයේදී ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රියෙ ගැටී අනතුරක් වී ඇතැයි බේරුවල පොලිසිය කියයි.
මංගලාරාම විහාරයට පැමිණ නැවතත් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගමන් කරමින් සිටියදී ප්‍රාදේශීය ලේකම්වරයා ගමන් ගත් එම නිලරිය දුම්රියේ ගැටී ඇති අතර ඉන් ප්‍රාදේශීය ලේකම්වරයාට කිසිදු අනතුරක් වී නැතැයි පොලිසිය කියයි.
අනතුරින් නිලරියට හානි සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් රිය පැදවූ රියදුරු ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදු කරනබව බේරුවල පොලිස් ස්ථානාධිපති එන්.එම් නවරත්න මහතාා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම කෝච්චිය ඇඟට කපාගෙන යන්න ඇති..