IMG-LOGO

බොරැල්ලේ මෙහෙයුමෙන් 1180 අල්ලයි

(ගයාන් සූරියආරච්චි)

අපරාධ මැඩපැවැත්වීම සදහා දිවයිනපුරා කරනු ලබන මෙහෙයුම්වලට සමගාමීව පෙරේදා (30) පුද්ගලයන් 1180 ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 32 ක්, නීති විරෝධී ගිනි අවි සන්තකයේ තබාගත් 4 ක්, වරෙන්තුකරුවෝ 356 ක් ද වෙති.

එම මෙහෙයුම්වලදී බොරැල්ල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයකු හෙරොයින් කිලෝවක් සහ ග්‍රෑම් 105 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

ජනවාරි මස 1 වැනිදා සිට ඉකුත් (29) දක්වා කළ වැටලීම්වලදී හෙරොයින් කිලෝ 928 ක් සහ ග්‍රැම් 787 ක්, අයිස් කිලෝ 1396 ක් සහ ග්‍රෑම් 823 ක්, කොකේන් කිලෝ 27 ක් සහ ග්‍රෑම් 836 ක්, හෂීස් කිලෝ 381 ක් සහ ග්‍රෑම් 428 ක් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම වසර මුල සිට මේ දක්වා පුද්ගලයන් 122, 913 ක් අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

බොරැල්ලේ මෙහෙයුමෙන් 1180 අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 999 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site