IMG-LOGO

බිරිය ඝාතනයට පරිගණක ඉංජිනේරුවා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඇඟලුම් සේවිකාවකගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන පරිගණක ඉංජිනේරුවරයා විජේරාම රබර් වත්ත පළවෙනි පටුමගේ කාමරයකම සැඟවී සිටියදී අද අලුයම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.

ඝාතනයට ලක්ව තිබුනේ එල්බොඩ කටුපිටිය, පබේගම ජන උදාන ගම්මාන පදිංචිව සිටි සදාසිවම් නිරංජලා 25 නමැති කාන්තාවයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ මළ සිරුර උඩුපුස්සැල්ලාව , සොගමාවත්ත , ඩි සි 4 කොටස ලඳු කැළෑවක තිබියදී සොයාගත් බව පොලිසිය පොලිසිය කියයි.

මළ සිරුර තිබූ ස්ථානයට මීටර් පනහක් පමණ ඈතින් පුස්සැල්ලෑව රෝහල කරා යන අතුරු පාරක් ද ඇතැයි පොලිසිය කියයි,

ලණුවක් වැනි දෙයකින් ගෙල සිර කිරීමෙන් මෙම මරණය සිදුව ඇති බවට බැලූ බැල්මට දක්නට ලැබුණ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම කාන්තාව සමඟ මීට වසරකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර දෙනාම කළුබෝවිල ප්‍රදේශයේ කාමරයක කල් ගෙවා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම අඹු සැමි යුවළ කොළඹ සිට පුස්සැල්ලාව තෙක් පැමිණ ඇති අතර සැකකාර පරිගණක ඉංජිනේරුවරයා කාන්තාවගෙන් දික්කසාදය සඳහා කැමති වන ලෙස ඉල්ලා පුස්සැල්ලෑව නගරයේ දී දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව සැකකරු කොළඹ පැමිණ බවත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

 

 



අදහස් (1)

බිරිය ඝාතනයට පරිගණක ඉංජිනේරුවා අත්අඩංගුවට

Lalla Monday, 06 March 2023 04:40 PM

මූ මොන විශ්ව විද්‍යාලයට ගිය එකෙක්ද හොයල බලන්න. ඉස්කෝලෙට වත් ගිය එකෙක් නොකරන වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site