
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිය බිරිඳ අනියම් සැමියා සමග ත්‍රිරෝද රථයක් තුළ සිටීනු දුටු බිරියගේ සැමියා අද උදෑසන ත්‍රීරෝද රථයට ගිනිතබා විනාශකර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි .
ත්‍රීරෝද රථය ගිනිතැබූ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සදහන් කරයි.
බිරිඳ හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන බවත්, ඇය අද සේවයට යාමට උදැසන නිවසින් පිටත්ව ගොස් අනියම් සැමියා සමග හොරණ ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ ත්‍රිරෝද රථයක සිට ඇති බවට සැකකරුගේ ප්‍රකාශ අනුව පෙනීයන බව පොලිසිය කීය.
සැකකරු පැමිණෙන දුටු අනියම් පෙම් යුවල ත්‍රීරෝද රථයද මහමග දමා දිව ගොස් ඇති බවත්, එහිදී උරණවූ සැකකරු ත්‍රීරෝද රථයට ගිනිතබා මුළුමනින්ම විනශකර ඇති බවත් පොලිසිය පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මනුස්සයා නොවේ ඕනෙම කෙනෙක් කරන්නේ ඔය වැඩේ .මෙතන මම නම් වැරැද්දක් දකින්නේ නෑ
අනිවාර්යෙන් ගැනී ගෙදර එනවා අනියම් සැමියාට දැන් ගැනිට කන්න දෙන්න විදිහක් නැති නිසා
තිරිසන්නු
තමන්ගේ බිරිඳ අසීමිත ආකාරයට අන් කාන්තාවන්ගේ අනියම් ඇසුරුකම් දැඩිව විවේචනය කරනවා නම්? ඔබේ බිරිඳ ගැන ඉතා අවධානයෙන් සිටින්න...
වැරදි හොයන එකා කරන්නේමවැරදි නිහාල් කියන කතාව හරියටම හරි
තමන්ට වැදගත් තමන් මිස අනුන් නෙවෙයි. බිරිඳට තමාව එපා නම් තම බිරිඳගෙන් නිවැරැදිව ඉවත්විය යුතුයි. බනින, ගහන්න මරණ එක දුර්වල මිනිස්සුන්ගේ ලක්ෂණයක්. ශක්තිමත් මිනිස්සු ඕවට හිනාවෙලා සදහටම සමුදෙනවා... ඊට පස්සේ දෙන්නම හොඳින් සිනහවෙන් ඉන්න හැකිනම් දුකින් ගැලවෙන්න බැරි ඇයි...? තමන් අවංක විය යුත්තේ තමන්ට මිස අනුන්ට නොවේ...
සල්ලි විතරක්ම නෙවෙයි... ජීවිතේ කියන්නේ තමන්ගේ ගැහැණියගේ සැප දුක දෙකම දැනගෙන වැඩ කරන මනුස්සයා තමයි හරිම සැමියා..