
(යොහාන් භාසුර)
ඩොලර් කළමණාකරනයේදී බොරතෙල් ආනයනයට වඩා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාභදායි යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (18) පැවසීය.
බොරතෙල් පිරිපහදුවේදී දළ වශයෙන් රුපියල් පහක ලාභයක් තිබුණ ද ආනයන භාණ්ඩවලට පැනවෙන බද්ද පිරිපහදු කළ ඉන්ධනවලට අඩුවීම හේතුවෙන් රුපියල් 15 ක පමණ ලාභයක් ඇති බව කී අමාත්‍යවරයා පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනයේදී බැරයකට ඩොලර් 93.65 ක් ද, එම ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට බොරතෙල් ආනයනයට ඩොලර් 197 ක් හෙවත් දෙගුණයකටත් වැඩි මුදලක් වැය වන බව ද සඳහන් කළේය.
පිරිපහදුවෙන් ඉතිරි වන දැවි තෙල් සහ නැප්තා වර්තමානයේ භාවිතයට නොගන්නා නිසා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය වඩාත් ලාභදායි බව කී අමත්‍යාවරයා පැවසුවේ බොරතෙල් පිරිපහදුවේදී දැවි තෙල් සහ නැප්තා සියයට 37 ක් ඉතිරි වන බවයි.
පවතින අධික වර්ෂාව නිසා විදුලිබල මණ්ඩලය දැවි තෙල් සහ නැප්තා මිලදී නොගැනීම නිසා ටොන් 13,500 ක් ටැංකිවල එකතු වී ඇති බවත් පිරිපහදුව යල්පැන ගිය එකක් වීම නිසා බොරතෙල් බැරලයකින් පෙට්‍රල් සියයට 14 ක් සහ ඩීසල් සියයට 29 ක් පමණක් නිෂ්පාදනය කළ හැකි බවත් අමාත්‍යවරයා කීය.
පෙට්‍රල් සහ ඩීසල් බැරලයක් නිෂ්පාදනයට බොරතෙල් බැරල් 2.32 අවශ්‍ය බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඩීසල් බැරලයක් ඩොලර් 93 ක් සහ පෙට්‍රල් බැරලයක් ඩොලර් 95 ක් වන බවයි.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොළඹදී අද (18) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් කියනවා පොහොර ගෙනෙල්ලා වී වගා කරනවට වඩා හොඳයි පකිස්තනෙන් හාල ගේන එක මේ මිනිස්සු යවන්න ඕන වෙනම ලෝකෙකට.
ඊටත් වැඩිය ලාභයි රට විකිනුවානම්. පෙට්‍රෝලියම් එකට එක එක දේශපාලන හෙන්ච්චියල දාල ඒක රටට බරක් කලේ දේශපාලනය කරන සහ දේශපාලනය කරපු පාර්ලිමේතු ගිය හරක් ටික. මොන රටකවත් තෙල් පිරිපහදුව අලාභයක් නැති කොට අපේ රටේ අලාභයි.
අනේ මගේ කට . පෙරලුණු පිට හොදයි කියනවා . අපි මේ බොරු අහලා ඇති වෙලා
එතකොට දැන් ලංකාවේ තෙල් හා ගෑස් කැනීම් කටයුතුත් අතහැරලා දමනවද.?
මාස 3 කට කලින් කිව්වේ පිරිපහදුවක් හැදුවොත් ඩොලර ඉතිරි කර ගන්න පුළුවන් කියල. ලංකාවට එන ලොකුම ආයෝජනය ඒක කියල.
එතකොට පිරිපහදු කරපු තෙල් බෙදන සිංගප්පුරු අලාභත් එක්කද එයාලගේ පිරිපහදු ටික දුවන්නේ ?
ඔය එන්නේ.....අලස් මහත්තය කියලදීපු, තමාට පෙර රටද ඔය ?
පිරිපහදුව ගැන ලොකු ප්ලෑන් එකක් හිතේ තියාගෙනද කොහෙද කතා කරන්නේ
ඇත්තනේ, මොකෝ වාහනවලට බොර තෙල් ගහන්නද.?
ගරු ඇමති තුමාගේ කතාවෙන් ගම්‍ය වන්නේ පිරිපහදුව කමකට නැති බවයි. එමනිසා මීලඟ පලමු පියවර විය යුත්තේ ගැසට් එකක් නිකුත් කර විසඳුම් සෙවීම යි. දෙවනුව විකුණා දැමීමයි.
එතකොට පිරිපහදුවේ වැඩ කරන මිනිස්සුන්ට මොකද වෙන්නේ .එයාලව නිකන් තියන් පඩි ගෙවනවද ?නැත්නම් වෙන කාර්යන් වලට ආදේශ කරනවද ?
රැපියල් 15 ලාබෙට කි දෙනෙකුගේ රැකියා නැතිවෙයිද ?
මේවගෙ කතා කියන්නේ සපුගස්කන්ද විකුණන්න නේද? පිරිපහදු තෙල් ආනයනයෙන් ලොකු කොමිස් මුදලක් ලැබෙන බවයි පේන්න තියෙන්නෙ. බොරතෙල් වල කොමිස් මදිඇති.
ස්විස්ටර්ලන්තේ බැංකු ගිණුම් වලටත් ගොඩක් හොඳයිනේ.
සුභ ආරංචියක්, දැන් ඔහුට වෙළඳපොලේ පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කළ හැකිය. තොරතුරු ඇමතිතුමාට ස්තුතියි.
මේ කියන්නේ පට්ටපල් බොරුවක්. මිනිහාගේ ප්ලැන් එක පිරිපහදුව වසා දමන්න. ඊට පස්සේ ඇමෙරිකන් කොමිස් අරගෙන අලුත් පිරිපහදුවක් හදන්න. රටට ශාපයක්.
අවසාන ප්‍රතිඵලය පුරුද්දට විකිණීමද?
ඒ කියන්නේ ඉන්දන මිල අඩු කරන්න පුළුවන් කියන එක නේද? එහෙනම් අඩු කරමු.
අපගේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉතා ලගදීම විකිණීමට ආසන්න බව හැගෙන්නෙ මට විතරක්ද?
අනේ හලෝ. රට නැති කරන්න මදිවට කිතුලට ගිය උත්තරත් තියෙනව.
හරිම සරල විසදුමයි තියෙන්නේ. පට්ටියේ 226ම වැටුප් සහ සියලු දීමනා "ඉදිරි වසර තුනටම" නවත්වන්න. ( මහජන සේවයට පැමිණෙන කිසිවෙකු වැටුප් සහ දීමනා බලාපොරොත්තු වන්නේ නම් එම පුද්ගලයන් තම ජීවිකාව ගෙනයන්න රැකියාවක් ලෙස එය කරන බැවින් එය මහජන සේවයක් නොවන බවත් තව දුරටත් එවන් හරකුන්ව නඩත්තු කිරීම නොකළයුතු බැවින් පට්ටියෙන් පන්නා දැමිය යුතුමය.) රජයේ නිලධාරීන්ගේ සියලු අනවශ්‍ය වියදම් කපාහර දමා යල්පැනගිය සපුගත්කන්ද පිරිපහදුව යාවත්කාලින කරන්න. එකදු හරකෙක් මෙයට විරුද්ධ වන්නේ නම් මෙතෙක් කල් හරිහම්බකරගෙන කාගෙන බීගෙන හිටිය රස්සාවෙන් දොට්ට දාන්න.( දියවනාව පට්ටියේ හරකුන්ටත් මෙය අදාලය.)
එතකොට මෙතෙක් කල් ඔබතුමාලා කරලා තියෙන්නේ මැටි වැඩක්ද? ඔන්න දැන් නැවක් එනවෝ තෙල් හා ගෑස්, අපිට ඒවත් දැන් නිවුස්, අයියෝ අපිට උන දෙයක්
එහෙනම් සපුගස්කන්ද වැහැලම දාන්නකෝ.
සිපෙට්කෝ එකත් විකුණන්න වගේ හදන්නේ!!! මෙයා ඇවිල්ලත් අර කැබිනට් එකේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් කල්ලියේ ලොකුම සමාජිකයෙක්නෙ. දවල්ට මිනිස්සු ඉස්සරහා බොරු දේශප්‍රේමයක් මවලා, පුහු චණ්ඩි පාට් දානවා. රෑට රාජපක්ෂවරුන්ගේ පිටවල් කසනවා. වලව්වෙ වළං, පිඟන්, වැසිකිළි සෝදනවා. රාජපක්ෂලා නැත්තම් මෙයා, වීරවංශ, වාසුදේව වගේ අයට යන එන මන් නෑ. දේශපාලන අනාථයෝ. පිවිතුරුද මොකක්දෝ පක්ෂයක් අටවන් ඉන්නවා, නිකන්ම නිකන් බෝඩ් ලෑල්ලක් විතරයි.
අපේ රටේ තිබුන මහා කර්මාන්ත වැහුණේ ඔන්න ඔය නිසා.
දැන් ඒක නිසාද වැහුවේ. කලින් කිව්වේ ලොකුම පිරිපහදුව හදනවා කියලා.
ගම්මන්පිල බොරු 1. 2018 ජනාධිපතිට ආන්ඩුව විසුරුවිය හැක. 02. බොරතෙල් ආනයනයට වඩා පිරිපහදු කරන ලද තෙල් ආනයනය ලාබයි. ගම්මන්පිලගේ බොරු පිලිගන්න මොඩයන්ගේ ප්‍රරතිශතය කියද?
එතකොට මේ අවුරුදු 50කට වැඩි කාලයක් බොරතෙල් පිරිපහදු කලේ බොරුවටද. අනේ ඇමතිතුමා ඔබ කල්පනා කරාද මේ බොරතෙල් වලින් භූමිතෙල්, ගුවන් යානා සදහා තෙල් පිරිපහදු කරන බව. එතකොට ඒවාටත් වෙන් වෙනම තෙල් ගේනකොට යන වියදම කොපමනද. ඇයි ඒ ගැන මේ බදු ගෙවන අහිංසක ජනතාවට නොකියන්නේ. පිරිපහදු තෙල් ගෙන්වන කොට ඔබටලාට ලැබෙන කොමිස් මුදල වැඩි ඇති. ඒකටයි මේ දගලන්නේ. රටට, මහජනයාට මොන විපත් උනත් ඔබලා ගොඩ.
මෙතුමා කියන එක හරි. විශාල වැටුප් ගෙවන අකාර්යක්ෂම ආයතනයක්.
එතකොට අර අලුතෙන් හදනවා කිව්ව තෙල් පිරිපහදුවෙන් මොනවද කරන්නේ ?පොල් තෙල් හිඳිනවද ?