
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචෙලට්ගේ වාර්තාවට අදාළව එළඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ගැනීමට නියමිත ස්ථාවරය පිළිබඳව නැවත සිතා බලන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය රජයට විශේෂ සංදේශයක් භාරදීම මහජන යුතුකම් කේන්ද්‍රය මගින් අද (25) සිදුකෙරිණ.
මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති ජම්බුරවෙල චන්ද්‍රරතන හිමියන් විසින් මෙම සංදේශය කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දුන් අතර මේ අවස්ථාවට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් මරාදැමුණු රණවිරුවන් කිහිපදෙනෙකුගේ බිරින්දෑවරු ඇතුළු ඔවුන්ගේ පවුල්වල ඥාතීහු පිරිසක් ද සහභාගී වූහ.
එහිදී අදහස් දැක්වූ ජම්බුරවෙල චන්ද්‍රරතන හිමියන් පවසා සිටියේ, දරුස්මන් වාර්තාවේ අන්තර්ගතය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ සහ අධිකරණයේ දී නෙස්බි සාමිවරයා විසින් අභියෝගයට ලක් කරන ලද අතර අවසානයේ එය වැරදි සහ පදනම් වාර්තාවක් බවට පත් වූ බැවින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා ගොනු කිරීමට ගත් උත්සාහය තරයේ හෙළා දකින බවය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක් ජනතාව ගොනාට ඇන්දුවට ඒ ක්‍රමවේදය ජාත්‍යන්තරයත් එක්ක හරියන්නේ නැහැ.
එතකොට රාජපක්ෂවරු තම බලය උදෙසා කළ 20 වැනි සංශෝධනයටත් එකඟද?