
ලෝකයේ නැගී එන ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව හෙවත් ‘බ්‍රික්ස්’ හවුලට සම්බන්ධ සියලු රටවල්, ඇමෙරිකන් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින්, එම රටවලට දැනට පනවා ඇති අනෝන්‍ය තීරු බදුවලට අමතරව, තවත් සියයට 10 ක තීරු බද්දක් පනවන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත.
‘බ්‍රික්ස්’ සාමාජික රටවලට, අමතරව සියයට 10 ක තීරු බද්දක් පනවන බව ට්‍රම්ප් පවසා ඇත්තේ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.
‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය. ඊට අමතරව, මේ වනවිට ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය සහ සෞදි අරාබිය ද ‘බ්‍රික්ස්’ හවුලට එක් වී සිටී.
මේ වනවිට, ‘බ්‍රික්ස්’ හවුලේ 17 වැනි සමුළුව බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවරදී පැවැත්වෙයි. සමුළුවේ සත්කාරකරු ලෙස කටයුතු කරන්නේ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති සමුළුවට සහභාගී නොවන බව දන්වා ඇති අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සමුළුවට සහභාගී වෙයි.
රුසියන් ජනාධිපතිවරයා බ්‍රසීලයේ පැවැත්වෙන සමුළුවට සහභාගී නොවන්නේ, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන්, ඔහු අත්අඩංගුවට ගැනීමට අන්තර් ජාතික වරෙන්තුවක් නිකුත් කර ඇති නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රික්ස් කියන්නේ අගේ ඉදන් කණ කන එවුන්.එහෙමත් නැත්නම් ළිදෙන් වතුර බීලා ගගට ආවඩන එවුන්.උන්ට ඉහලම ප්‍රතිචාරයක් දැක්වීම ගැන ඇමරිකන් ජනාධිපතිවරයාට ස්තුතියි.
ධන බලයෙන් හිස උදුම්මවා ගත්තු උඩඟු සහ විශ්වාසය තැබිය නොහැකි ලෝකයට විහිළු සපයන රාජ්‍ය නායකයෙක් . මෙවැනි නායකයින් බොහොම ඉක්මනින් ජනතාවගෙන් ප්‍රතික්ෂේපයට ලක්වෙති.
වඳුරට දැලිපිහිය දීලාවගේලු...
පිස්සන්කොටුවේ ඉන්න ඕනෙ කෙනෙක් ධවල මන්දිරයට ඇවිල්ලා අලි ජංජාලයයි.