(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන රවිඳු වර්ණ රංග නොහොත් බුරු මුණාට කොන්ත්‍රාත්තුවක් දී ද්විත්ව ඝාතනයක් සිදුකළ බව කියන කාන්තාවක් හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිඟිති නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට සැකකාරිය ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් අතින් ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවකු වූ කටා රොෂාන් නැමැත්තාගේ නැගණිය බව පොලීසිය සඳහන් කරයි.
ඉකුත් ඔක්තෝම්බර් 31 මෙම දිවිත්ව ඝාතනය සිදුකර තිබුණේ හික්කඩුව ප්‍රදේශයේ දී ය.
සැකකාරිය එම දිවිත්ව ඝාතනය සිදු කිරීම සඳහා බුරු මුනා ට රුපියල් ලක්ෂ විස්සක් මෙන්ම ගිනි අවියක් ත්‍රීරෝද රථයක් යතුරු පැදියක් ලබාදී ඇති බවට අනාවරණය වී ඇත.
සැකකාරිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 2 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි සිගිති පොලීසියෙන් සාධාරනය නැතිනම් පිලි ගත යුතුමයි පොලිසියත් සිගිති කුඩුජාවාරම් කරනව කියල දාන්න ගත්තෙ බූරුමුනගෙන්ම වෙන්න අති මොකද දැන් පොලොසියෙ උකුසු ඇස් නැහැ බලු මූනල ඉන්නෙ දේශපාලන අසුචි කන.