IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බයිඩන් සෙලෙන්ස්කීට පුටින් කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

නිතර නිතර දිව පටලවා ගන්නා ඇමෙරිකානු ජනාධිපති බයිඩන් පසුගියදා නේටෝ සමුළුව අවසානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්ට උප ජනාධිපති ට්‍රම්ප් කියා ඇමතීම පිළිබඳ සියල්ලන්ගේම අවධානය යොමු වූවේය.

එසේම නේටෝ සමුළුවේදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලෙස හඳුන්වාදී එය ඉක්මණින් නිවැරදි කර ගැනීම සම්බන්ධයෙන්ද කාගේත් කතා බහට ලක්ව ඇත.

ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්ට උප ජනාධිපති ට්‍රම්ප් ලෙස ඇමතීම සම්බන්ධයෙන් බයිඩන්ගේ ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා දැඩිව උපහාසයට ලක් කර තිබිණි. එසේම නේටෝ සමුළුවේදී යුක්රේන ජනාධිපතිවරයාව රුසියානු ජනාධිපතිවරයා ලෙස හඳුන්වා දීම  හේතුවෙන් මේ වනවිට ජනාධිපති ජෝ බයිඩන්ගේ මානසික සෞඛ්‍ය තත්වය පිළිබඳව බරපතළ ගැටළුවක් මතුව තිබෙන බවද දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

පසුගියදා වොෂින්ටන් නුවර පැවැති 75 වැනි නේටෝ සමුළුවට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නායකත්වය ලබා දුන්නේය.ඉන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා පවසා සිටියේ තමන් කිසිම විටකත් ජනාධිපතිවරණයෙන් ඉවත් නොවන බවත් වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ නම් තමන් නිරෝගීව සිටින බවට පෙන්වා දීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට වුවත් පෙනී සිටීමට තමන් සූදානම් බවත්ය.

දෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමන් ආරම්භ කළ දේවල්වල අවසානයක් දැකීමට බවත් තමා වෙනුවෙන් කිසිම විටකත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

පහතින් දැක්වෙන්නේ බයිඩන් මාධ්‍ය හමුවේ අදහස් පළ කරද්දී සිදුවුණු අකරතැබ්බ සම්බන්ධයෙන් පළ කළ සටහනකි.

(Sky News)



අදහස් (2)

බයිඩන් සෙලෙන්ස්කීට පුටින් කියයි

CNN Friday, 12 July 2024 03:03 PM

මෙයාගේ බොත්තම් එබිල්ලත් මෙහෙම වැරැදිලා ගිහින් අර න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක කරන බොත්තමත් වැරැදිලා එබුවොත් ලෝකෙටම බඩුම තමයි...

:       1       18

රුවන් Friday, 12 July 2024 03:16 PM

හැමෝටම එහෙම තමයි වයසට යනකොට. මෙයා ජනපති වෙද්දි 76. අවුරුදු දෙකක් හොඳට හිටියා . පස්සෙ අවුල් ගියා. ඒක නිසා අවුරුදු 75 සීයා කෙනෙක් ජනපති කරන්න කලින් සිය පාරක් හිතන්න. ඕගොල්ලන්ගෙ සීයව ඔගොල්ලො තනියම කඩේටවත් යවනවද?

:       4       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 75 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site