(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම තිල්අඩිය අඩපනාවිල්ලුව ප්‍රදේශයේ බඹර කුඩුවක් ඇවිස්සිමේන්  15 දෙනකුට වැඩි පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වි 10 දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතිබව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙලෙස බඹර ප්‍රහාරයට ලක්වි ඇත්තේ අඩපනාවිල්ලුව අල්කාසිම්සිටි නිවාස සංකිර්ණය ආසන්නයේ පදිංචිකරුවන් ය. කජු ගසක බැද තිබු බඹර කුඩුව මෙලෙස ඇවිස්සිමේන් මෙම පිරිස බඹර ප්‍රහාරයට ලක්වි ඇති බව කියයි.

මුලින්ම බඹර ප්‍රහාරයට ලක්වු පිරිස බේරා ගැනිමට ඉදිරිපත්වු පිරිසට බඹරුන් එළව එළවා දෂ්ඨ කර ඇති බවත් ඒ සමග මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසද මෙලෙස බඹරුන් දෂ්ඨ කර ඇති බව කියයි.