(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේදී බෝම්බයක් නිෂ්පාදනය කිරීමට ගත් උත්සහයක දී එය පුපුරා යාමෙන් ඉකුත්දා බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා අද (8) මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය පවසයි.
පිපිරීමෙන් තුවාල ලබා සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් තිබේ.
ඉයක්කච්චි ප්‍රදේශයේ බෝම්බ පිපිරීමෙන් පසුව පොලීස් නිලධාරීන් හා ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි වලදී නිවසේ තිබී දේශීය නිෂ්පාදිත බෝම්බ දෙකක් හා අඩක් නිෂ්පාදනය කරන ලද බෝම්බයක් මෙන්ම කලු කොටි දිනය සමරමු යන පෝස්ටරයක් ද හමුවීමෙන් පසුව තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ බිරිඳ ද අත්අඩංගුවට ගනු ලැබුවාය.
කෙසේ වෙතත් මේ වන විට බෝම්බ නිෂ්පාදනය කිරීමට හේතු කවරේද යන්න පිළිබඳව මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම් හා වැඩිදුර පරික්ෂණ කටයුතු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
බෝම්බය පිපිරීමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ ඉයක්කච්චි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තංගරාසා ගංගේ ආත්මන් නැමති අයෙක් බවට පරික්ෂණ සිදු කරන පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි... ගොඩක් සතුටුයි මේ ගැන. කෙසේවෙතත් රෝහල් වියදම් එකතු කළ යුතුයි.
රජයේ බුද්ධි අංශ නොදැනුවත් නම් ලොකු අනතුරක් ඔහුගේ අත් වැරැද්ද නිසා නැවතුනා.
සතුටුදායක නිව්ස් එකක්...
නියමයි...!!!